අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා පොලිස් අත්අඩංගුවට....

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා කොළඹ නගර ශාලාව ඉදිරිපිටදී මීට සුළු මොහොතකට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සංජීව සහෝදරයා මෙසේ අත්අඩංගුවට ගැනීමට අදාල වරෙන්තුවක් හෝ අවම වශයෙන් හේතු දැක්වීමකින් තොරව 138 මාර්ගයේ ගමන් කරමින් තිබු බස්රථය කොළඹ නගර ශාලාව ඉදිරිපිටදී නවත්වා සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ආචාර්ය වරුන්ගේ ගැටළු විසඳා සරසවි වහා විවෘත කරන ලෙස ආණ්ඩුවට බල කරමින් පැවති උද්ගොෂණයට සහභාගී වීමෙන් අනතුරුව මෙලෙස අඩංගුවට ගෙන ඇත.මෙලෙස ශිෂ්‍ය නායකින් අත්අඩංගුවට ගනිමින් නිදහස් අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන් කරන අරගලය මර්ධනය කිරීමට ආණ්ඩුව උත්සාහ ගැනීම රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ලෙස අප තරයේ හෙළා දකිමු!