අසාධාරණ ලෙස කෞමිණි - තිලිනි සිරගත කිරීමට එරෙහි පෙත්සම, මානව හිමිකම් කොමිසමට...
මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ දෙවන වසර ඉගෙනුම ලබන කෞමිණි නිෂානි ලියනගේ සහ තිළිණි මනීෂා අලවත්ත යන සහෝදරියන් දෙදෙනා නවක වද චෝදනාවක් මුල් කරගනිමින් මාතර බන්ධනාගාරයේ සිරගත කර අදට දින 59 කට අධික කාලයක් ගත වෙමින් පවතී.
නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය සහ එම සහෝදරියන් දෙදෙනාගේ දෙමාපියන් විසින් (2012.08.22) ඊයේ දින මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කරන ලදී. කිසිදු චෝදනා ගොනු කිරීමකින් තොරව ද්වේශ සහගත ලෙස මෙලෙස විශාල දින ගණනාවක් බන්ධනාගාරගත කර තැබීම එම සහෝදරියන් දෙදෙනාගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් බව සඳහන් කරමින් මාතර පොලිසියේ සතානාධිපති සහ රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති යන අය වග උත්තරකරුවන් කොට මෙම පැමිණිල්ල ගොනු කර ඇත.