භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ විෂය නිර්දේශයේ නැති ප්‍රශ්නයක්‌...

උසස්‌ පෙළ විභාගයේ ඊයේ (22වැනිදා) පැවැති භූගෝල විද්‍යාව i නව නිර්දේශ ප්‍රශ්න පත්‍රයට විෂය නිර්දේශයට අයත් නොවන ප්‍රශ්නයක්‌ ඇතුළත් කර තිබීම නිසා සිසුහු අපහසුතාවට පත්වූහ.
"ප්‍රක්‌ෂේපණ" නම් කොටසට අදාළව මෙම ප්‍රශ්නය ඉදිරිපත් කර ඇති අතර එය විෂය නිර්දේශයෙන් මෙන්ම ගුරු අත්පොතෙන්ද මුළුමනින්ම ඉවත් කර ඇත.
මෙම ප්‍රශ්නයට අදාළව ලකුණු 2ක්‌ හිමි වන අතර එය අනිවාර්ය ප්‍රශ්නයක්‌ද වෙයි.