සරසවි ඇඳුරන් වීදියේ සටනට...

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින අර්බුදයන්ට සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා වෙන්කරන මුදල 6% දක්වා වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භකළ වෘත්තීය ක්‍රියාමාර්ගයට දින 50ක් ගතවීම නිමිතිකොටගෙන ඊයේ (23) කොළඹ හයිඩ් පිටියේදී විරෝධතා රැලියක් පැවැත්විණි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මූලිකත්වයෙන් මෙය සංවිධානය කර තිබිනි. විරෝධතා රැලියට පෙර  නවම් මාවත ඔස්සේ  පුරහල, මරදානේ සිට හයිඞ් පිටියට පෙළපාළියකින් පැමිණියහ.
විශ්වවිද්‍යාල සිසුන්, වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන රාශියක් මෙම අවස්ථාවට සහයෝගය දැක්වීම සඳහා පැමිණ සිටියහ.