ආචාර්ය ගැටළුවලට කැබිනට් යෝජනාවලියක්...
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටළුවලට විසදුම් ලබාදීම සම්බන්ධයෙන් ඊයේ (29) පැවැති කැබිනට් මණ්ඩලයට යෝජනාවලියක් ඉදිරිපත්ව තිබේ.
ඒ සදහා යෝජනා 8ක් ඇතුළත්ව ඇති බවද විශ්වවිද්‍යාල ආචාර්යවරු විශේෂ වෘත්තියක් ලෙස සළකා කටයුතු කළයුතු බවටද එම යෝජනාවලියට ඇතුළත්ව ඇති බවද උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසීය.
ඊයේ (29) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලයට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා විසින් ඒකාබද්ධ යෝජනාවක් ලෙස මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.
අදාළ යෝජනාවලියට කැබිනට් අනුමැතිය හිමිවීම යහපත් ප්‍රවණතාවයක් බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් ආචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් ආරම්භ කර ඇති වැඩ වර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ටෙරන්ස් මධුජිත් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.