ආචාර්ය, සිසු, අනධ්‍ය ගැටලු විසඳා සරසවි වහා විවෘත කරනු...

විශ්වවිද්‍යාල ආචාර්ය ගැටලු හා අනධ්‍යන ගැටලු විසඳමින් සරසවි වහාම විවෘත කිරීමට, මාලඹේ ඇතුලු පෞද්ගලික විශ්වවිද්‍යාල වසාදැමීමට, උසස්පෙළ විභාග ප්‍රතිඵල ගැටලු හේතුවෙන් අසාධාරණයට ලක්වූ සිසුන් සරසවියට බඳවාගැනීමට හා අභූත චෝදනා එල්ලකර සිරගතකර සිටින කෞමිණි-තිළිණි සරසවි සහෝදරියන් දෙදෙනා නිදහස් කර ගැනීමට හා පාසල් වසාදැමීමට හා පාසල්වලින් ගාස්තු අයකිරීමට දැවැන්ත පාගමනක් සහ උද්ඝෝෂණයක් ඊයේ කොටුව දුම්රිය ස්ථාතනය ඉදිරිපිට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩය මගින් සංවිධානය කරන ලදී.
මෙම සාමකාමී පාගමන පොලීසිය සහ ආරක්ෂක හමුදා සෙබලුන් යොදා අතරමග නතර කර, සරසවි සිසුන්ට අමානුශික ලෙස පහරදෙන ලදී. මෙහිදී ඇමොනියා යෙදූ ජල ප්‍රහාර, කඳුලු ගෑස් සහ ගල්-මුල් පහාර එල්ලකරන ලදී.
දැඩ් වර්ශාව සහ ආරක්ෂක අංශවල ගල්මුල් ප්‍රහාර හමුවේ සිසු නියොජිතයින් රැස්වසිටි පිරිස අමතා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරැ නිලාන් ප්‍රනාන්දු සහෝදරයා, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරැ කිඹුල්ලෑවේ චන්ද්‍රානන්ද හිමි, සරසවි දියණියෝ සංවිධානයේ, රුහුණ විශ්වවිද්‍යාලයේ ලසන්තිකා අලුත්ගම සහෝදරිය සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණඩාර සහෝදරයා අදහස් දැක්වන ලදී.