උසස් පෙළ අවුලට එරෙහිව අද දිවයින පුරා උද්ඝෝෂණ...

උසස් පෙළ විභාගය අවසන් වෙන අද දින(30) දිවයිනේ සියළුම විභාග මධ්‍යස්ථාන ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට "උසස් පෙළ ජාතික ශිෂ්‍ය එකමුතුව" තීරණය කර තිබේ.
2011/2012 වසරවල විභාගය සඳහා පෙනී සිටි උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ එකමුතුවක් ලෙස මෙම සංවිධානය ඊයේ කොළඹදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව දැනුම් දෙනු ලැබීය.
2011 වසරේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුවට තවමත් බලධාරීන් විසඳුම් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවත් මෙවර විභාගයද මේ වන විටත් අවුල් කොට ඇති බවත් අවධාරණය කරන මෙම ශිෂ්‍ය එකමුතුව විශ්ව විද්‍යල ඇඳුරන්ගේ ප්‍රශ්නය නිසා පිළිතුරු පත් බැලීම ප්‍රමාද වීමත් මේ වන විටත් විශ්ව විද්‍යාල වසා දාමා ඇති නිසා තමන්ගේ විශ්ව විද්‍යල ප්‍රවේශය තවදුරත් ප්‍රමාද වනු ඇති බවත් පෙන්වා දුන්නේය. 
වෙනදා විභාගයක් පවත්වා අවසන් වූ විට තමන්ගේ හිතට ලොකු නිදහසක් දැනුනද අද එසේ නමැති බවත් හිතට වෙනත් බරක් එකතු වී ඇති නිසා වෙනදා විභාගයෙන් පසුව ගිය විනෝද චාරිකා වැනි විනෝද කාමී වැඩ නවතා දමා නිවැරදි ප්‍රතිඵලයක් ඉල්ලා තමන්ට උද්ඝෝෂණය කරන්නට වී ඇති බවත් එම ශිෂ්‍ය නියෝජිතයන්ට පවසා සිටින්නට සිදුවීම ශ්‍රි ලංකාවේ වත්මන් අධ්‍යාපනයේ අර්බුදය හමුවේ ශිෂ්‍යා මුහුණ පාසිටින ඛේදවාචකයේ තරම කියාපාන්නෙකි. ශිෂ්‍ය ශිෂ්‍යවන් ලක්ෂ ගනන්කගේ ජීවිත අඳුරු කරමින් සිටින වත්මන් බලධාරීන්ගේ ක්‍රියාකලාපයට එරෙහිව අද පැවැත්වෙන උද්ඝෝෂණ සදහා සහභාගීවන ලෙස ශිෂ්‍ය එකමුතුව සියළු සහෝදර ශිෂ්‍යශිෂාවන්ගෙන් ඉල්ලා සිටී.