පුංචි අපිත් මහ පාරට - 5 වසර සිසුන් සාධාරණය ඉල්ලති...
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම හේතුවෙන් එම විභාගයට පෙනී සිටි විශාල සිසුන් පිරිසකට සිදුව ඇති අසාධාරණයට විරෝධය පා ඊයේ (29) අනුරාධපුරයේදී විරෝධතාවක් පැවැත්විණි.
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් විසින් අනුරාධපුර ඩී.එස්. වටරවුම අසලදී මෙම විරෝධතාව පැවැත්වූහ.
සිසුන් පිරිසකට කලින් ප්‍රශ්න ලැබීම හේතුවෙන් ආයාසයෙන් පාඩම් කටයුතු කර විභාගයට පෙනී සිටි සිසුන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව උද්ඝෝෂණයට එක්වූ සිසු සිසුවියෝ පැවසූහ.