මොණරාගල උසස් පෙළ සිසුන්ට අසාධාරණයක්...
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ මේ මස 08 වැනි දින පවත්වන ලද නව නිර්දේශ සංයුක්‌ත ගණිතය (ii) ප්‍රශ්න පත්‍රයට සංශෝධිත පත්‍රිකාවක් මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ විභාග මධ්‍යස්‌ථාන කිහිපයකට ලැබී නොමැති අතර, මේ නිසා එම විෂයට පෙනී සිටි විභාග අපේක්‌ෂකයෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති. එම සංශෝධිත පත්‍රිකාව නොලැබීම නිසා තම දරුවන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි දෙමාපියෝ චෝදනා කරති.
එහෙත් විභාග දෙපාර්තමේන්තුව උසස් පෙළ සිසුන්ට සංයුක්‌ත ගණිතය (ii) ප්‍රශ්න පත්‍රයට සංශෝධනයක් යෑවූ බවට නිවේදනය කර සිටී. මෙසේ එවන ලද සංශෝධන පත්‍රිකාව මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ විභාග මධ්‍යස්‌ථානවලට නොලැබීම පිළිබඳව පරීක්‌ෂණයක් පවත්වන ලෙස එම සංශෝධිත පත්‍රිකා නොලැබුණු සිසුන්ගේ දෙමාපියෝ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.