පෙළපොත් මුද්‍රණය අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් පෞද්ගලික අංශයට....
පාසල් සිසුන් හා පිරිවෙන් ශිෂ්‍ය භික්ෂූන් සඳහා 2013 වසරට අවශ්‍ය පෙළපොත් මුද්‍රණය කිරීම පෞද්ගලික මුද්‍රණාල වෙත පැවැරීමට රජය විසින් තීරණය කර තිබේ.
මේ සඳහා කැබිනටි අනුමැතිය ලැබී ඇති අතර, පෙළපොත් වර්ග 322 කට අදාළව පිටපත් 29.173,950 ක් මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණ ආයතන 18 ක් වෙත පවරා ඇත. මේ වෙනුවෙන් රුපියල් 1.597.637.818 ක මුදලක් පෞද්ගලික අංශවලට ලබාදීමට සිදුවී ඇත.
අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුවේ මූලික වගකීම වන්නේ දිවයිනේ සියලුම පාසල් සිසුන් සහ පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සඳහා අවශ්‍ය පෙළපොත් මුද්‍රණය කර නියමිත කාලයට බෙදාහැරීමය. එසේ වුවත් රජය ඊට මැදිහත් නොවීම හේතුවෙන් මෙම මුදල වැයකිරිමට ආණ්ඩුවට සිදුවී ඇත. මීට ඉහත වසරවලදී මෙම කටයුත්ත පෞද්ගලික අංශයට පැවැරීම හේතුවෙන් පෙළපොත්වල තාක්ෂණික දෝෂ රැසක් තිබූ අතර විෂය කරුණු රැසක් ද විකෘතිකර තිබුණි.