නිදහස් අධ්‍යාපනයේත් අධ්‍යාපනයේ නිදහසත් වෙනුවෙන් පෙලගැසෙන ආචාර්ය, සිසු ජන රැලිය - ඔබ සැමට ආරාධනා...

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කෙරෙන නිදහස් අධ්‍යාපනයේත් අධ්‍යාපනයේ නිදහසත් වෙනුවෙන් සියලු සමාජ බලවේග ඒකරාශී කරමින් පෙළගැසෙන
දැවැන්ත ජන රැලිය 2012/08/15 දින ප.ව. 3.00 ට ආචාර්යවරුන්, ගුරුවරුන්, සිසුන්, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, නීති සංවිධාන, මාධ්‍යවේදීන්, කලාකරුවන්, ආගමික නායකයින්, ඇතුළු විශාල පිරිසකගේ සහබාගීත්වයෙන් විහාරමහාදේවි එළිමහන් රන්ගපීඨදී පැවැත්වේ. ඒ සඳහා ඔබ සියලු දෙනාට රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ගෞරාවයෙන් ඇරයුම් කර සිටිමු.