2012 උසස් පෙළ පිළිතුරුපත් බැලීමෙන් සරසවි ඇදුරන් ඉවත්වෙයි...
විශ්වවිද්‍යාල ආචාර්යවරු මෙවර පැවැත්වෙන උසස් පෙළ විභාගයේ පිළිතුරුපත් බැලීමෙන් ඉවත්වීමට තීරණය කරතිබේ. විශ්විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ඊයේ (09) දින රැස්වූ අවස්ථාවේ ඒකමතිකව මෙම තීරණය ගෙන ඇත.
මේ තීරණය හේතුවෙන් ප්‍රධාන ගැටලු දෙකක් මතුවන බව විද්වත්හු පෙන්වාදෙති. එයින් පළමු කරුණ නම් උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ තිබූ පිළිගැනීම බිඳවැටීමයි. මෙරට උසස් පෙළ විභාගය ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමට සුදුසු විභාග ප්‍රතිඵලයක් ලෙස පිළිගනී. එයට හේතුව මෙම විභාගයේ ප්‍රශ්න පත්‍ර සැකසීම සහ පිළිතුරුපත් අධීක්ෂණය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මැදිහත්වීමෙන් සිදුවීමයි.
දෙවෙනි කරුණ වන්නේ විභාග ප්‍රතිඵල නියම ප්‍රමිතියෙන් තොරවීමයි. දැනටමත් ගැටලු රැසක් නිර්මාණය වී ඇති අතර ඒවා තව තවත් උග්‍රවනු ඇත. මේයින් විශ්වවිද්‍යාලවලට ළමුන් බඳවාගැනීම තව තවත් ප්‍රමාදවේ.