ආචාර්ය ගැටළු විසදා සරසවි විවෘත කරන ලෙසට ආණ්ඩුවට බල කරමින් රුහුණ සරසවි සිසුන් උද්ඝෝෂණයේ...

අධ්‍යාපනය සඳහා ද.දේ.නි. 6% මුදලක් වෙන්කරන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මේ වන විට අරගලයක නියෙලෙමින් සිටින විශ්වවිද්‍යාලයිය අචාර්ය සමිති සම්මේලනයට සහය පල කරමින් සහ අභූත චෝදනා එල්ල කර සිර ගත කර ඇති කෞමිනි - තිලිණි සරසවි සොයුරියන් නිදහස් කරන ලෙස බල කරමින් රුහුණ සරසවි සිසුන් අද දින(2012.07.18) 12-01 පැයේදී රුහුණ විශ්වවිද්‍යාලය ඉදිරිපිට දැවැන්ත උද්ගෝෂණයක් සංවිධානය කර තිබුණි.
මෙම උද්ඝෝෂණය සඳහා සිසුන් 500 කට අදික පිරිසක් සහභාගී විය. මෙහිදී අදහස් දැක්වූ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිත හර්ෂ ගුණවර්ධන සහෝදරයා පවසා සිටියේ. බිහිරි අලියෙක් සේ හැසිරෙන ආණ්ඩුවට අධ්‍යාපනය රැක ගැනීමට කිසිදු වුවමනාවක් නැති බවය. නිදහස් අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස ආචාර්යවරුන්ගේ අරගලයට ශක්තියක් වන බවත් ඔහු වැඩි දුරටත් පවසා සිටියේය. තවද එහිදී අදහස් දැක්වූ රුහුණ විශ්වවිද්‍යාලයිය ඉන්ජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයා කියා සිටියේ අභූත චෝදනා එල්ල කරමින් දින ගණනාවක් සිරගතකර සිටින කෞමිනි - තිලිණි සරසවි සොයුරියන් වහාම නිදහස් කරන ලෙසත් තවත් ශිෂ්‍යාවන් ඉත්තන් කරගනිමින් ගෙනයන මර්ධනකාරී වැඩපිළිවෙල වහාම නවතන ලෙසත්ය. ලෙයින් යකඩින් මර්ධනය කිරීමට නොහැකි වූ ශිෂ්‍ය වියාපාරය සිරගත කිරීම් වලින් කිසිසේත් හැරවිය නොහැකි බව ඔහු වැඩි දුරටත් පවසා සිටියේය.



No comments:

Post a Comment