රැකියා විරහිත උපාධිධාරීන් පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධයේ..
2010 සහ 2011 වසරවල උපාධිය සම්පූර්ණ කළ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීම නවත්වන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් ගෙන ඇති තීරණයට විරෝධය පලකර ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් ඊයේ දින (18) රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන ලදී.
ගාල්ල, මාතර පුත්තලම කුරුණෑගල ආදී දිස්ති‍්‍රක්ක ගණනාවකින් පැමිණි රැකියා විරහිත උපාධිධාරීන් නිදහස් චතුරශ‍්‍රය අසල සිට පාගමනින් අමාත්‍යංශය වෙත සටන් පාඨ කියමින් පැමිණි අතර අමාත්‍යංශ ලේකම් සමග සාකච්ඡුාවක් ලබාදෙන මෙන් ඉල්ලීමක් කරන ලදී.
මුලදී අමාත්‍යංශ ලේකම්වරයා සමග දුරකථනයෙන් සම්බන්ධ වනමෙන් එතුමා දැනුම්දුන් අතර එය ප‍්‍රතික්ෂේප කරමින් දිගින් දිගටම විරෝධතාව පවත්වන ලදී. පසුව සංගමයේ නියෝජිතයින් සිව්දෙනෙකුට අමාත්‍යංශ ලේකම් හා සාකච්ඡුාවක් ලබාදෙන ලදී. එම සාකච්ඡාවට ද අමාත්‍යංශ ලේකම් පී.බී.අබේකෝන් මහතා නොපැමිණි අතර අතිරේක ලේකම්වරයා මේ සඳහා සහභාගී විය. ‘‘මෙම උපාධිධාරීන් බඳවා නොගන්නා ලෙස කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවත් බඳවාගත් උපාධිධාරීන් ස්ථිර කිරීමේ ගැටලූ පැනනැගී ඇති බවත්’’ සඳහන් කළ ලේකම්වරයා පැවසුවේ අනිවාර්යයෙන් මෙම උපාධිධාරීන්ටද රැකියා දෙන බවයි. මෙහිදී අදහස් දැක්වූ ඒකාබද්ධ රැුකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු ධම්මික මුණසිංහ සහෝදරයා පැවසුවේ ‘‘ආණ්ඩුව අවිධිමත් පරිදි උපාධිධාරීන් බඳවා ගැනීම නිසා ප‍්‍රශ්න රැසක් මතුවෙලා. සියලූ සුදුසුකම් සපුරපු 2010 සහ 2011 වසරවල උපාධිධාරීන්ට රැුකිය දෙන්න එපා කියල තීන්දුවක් අරගෙන. ආණ්ඩුවේ නොහැකියාව නිසා උපාධිධාරීන් පිරිසකට අසාධාරණයක් සිදුවෙලා. 2010 සහ 2011 වසරවල උපාධිධාරීන් පිරිසකට ආණ්ඩුව මේ වෙනකොටත් රැකියා දීලා. ඒත් කිසිඳු පදනමක් නැතිව පිරිසකට රැුකියා දෙන්නෙ නැහැ. මේ සියලූදෙනා සම්මුඛ පරීක්ෂණවලට ගිහින් තියෙන්නේ. පත්වීම් දෙන්න ලිපි පවා සකස් කරල තියෙන්නේ. අපි කියනවා ඉදිරි දින කිහිපයේ රැකියා දෙන්නේ නැත්නම් අපි දිස්ති‍්‍රක් පුරා උපාධිධාරීන් සංවිධානය කරල අඛණ්ඩ අරගලයක් දියත් කරනවා’’

Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment