නිකුත් කළ උසස් පෙළ සියලු ප්‍රතිඵල අවලංගුයි...

පසුගියදා ලබා දුන් අධිකරණ නියෝගයට අනුව 2011 උසස්‌ පෙළ විභාග ප්‍රතිඵල යළි නිකුත් කරන හෙයින් මීට පෙර නිකුත් කළ එම විභාගයේ සියලුම ප්‍රතිඵල අවලංගු කිරීමට පියවර ගත් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මේ බව සියලුම විදුහල්පතිවරුන්ට දැනුම්දී ඇති බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරයි. කෙසේ වෙතත් අලුතින් ප්‍රතිඵල නිකුත් කිරීමේදී කලින් නිකුත් කළ ශේ්‍රණිවල කිසිදු වෙනසක්‌ නොවන බව ද වෙනස්‌වන්නේ ඉසඩ් ලකුණු, දිවයින සහ දිස්‌ත්‍රික්‌ කුසලතා පමණක්‌ යෑයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය. විභාගයේ ඉසඩ් ලකුණු ගණනය කිරීම මේවන විට සිදු කෙරෙමින් පවතින අතර ඉදිරි සති දෙක ඇතුළත ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

No comments:

Post a Comment