වාර විභාග ප්රශ්න පත්‍රවල මෙවරත් ගැටළු රැසක්...
2012 දෙවන වාර අවසාන විභාග ප්රශ්න පත‍්‍රවල නැවතත් ගැටළු රැසක් මතුවී ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසා සිටියේ පසුගිය සිකුරාදා (13.07.2012) පිළියන්දල කලාපයේ 10 සහ 11 ශ්‍රේණි වල සිසුන් සඳහා ලබාදුන් සිංහල ප‍්‍රශ්න පත‍්‍රවල ගැටළු රැසක් නිසා සිසු දරුවන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි.
මේ සම්බන්ධව විස්තර කරමින් ඔහු පවසා සිටියේ i ප‍්‍රශ්න පත‍්‍රයේ උත්තර නැති (වරණ හතරම නොමැති) ප‍්‍රශ්න ගණනාවක් ලබාදී තිබූ අතර iii ප‍්‍රශ්න පත‍්‍රයේ ළමුන්ට උත්තර දිය නොහැකි වැරදි ප‍්‍රශ්න (උදා/ අරිසෙන් අහුබුදු කුමන කවි යුගයේද?) සහ නිෂ්චිත පිළිතුරු ලබාදිය නොහැකි ප‍්‍රශ්න ( උදා/ වැස්ස පිළිබඳ කවි පන්තියක් ලබාදී ප‍්‍රශ්නය ලෙස වැස්ස පිළිබඳ කවි ලියූ වෙනත් කවියන් දෙදෙනෙකු නම් කරන්න?) ලෙස වැරදි බහුල ප‍්‍රශ්න පත‍්‍ර ළමුන්ට ලබාදී ඇති බවත්ය.
එමෙන්ම කොළඹ කලාපයේ 11 ශ්‍රේණියේ අපැහැදිලි රූප සටහන් සහිත විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍ර හා ඉතිහාසය ප‍්‍රශ්න පත‍්‍ර සහ දෝෂ සහිත ගණිතය ප‍්‍රශ්න පත‍්‍ර ලබාදී ඇත.
විශේෂය වන්නේ ගුරුවරුන් විසින් නිවැරදිව ලබාදුන් ප‍්‍රශ්න පත‍්‍ර තුළට කලාපවල සිටින අත්දැකීම් නැති දේශපාලන හිතවත්කම් මත විවිධ අධ්‍යක්‍ෂ තනතුරු හා ගුරු උපදේශක තනතුරු ලබාගත් අය විසින් වැරදි ප‍්‍රශ්න අන්තර්ග‍්‍රහණය කිරීම තුළ මෙවැනි අඩුපාඩු සිදුවී ඇති බවත් වැඩිදුරටත් පවසා සිටියේය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment