එස්. එම්. නිෂ්මි..

1983 පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයට තේරී පත්විය. අධ්‍යාපන හා සුභසාධන ගැටළු හමුවේ දැක්වූ ක‍්‍රියාකාරීත්වය හා කැපවීම නිසාම ඉතා කෙටි කලකින් ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය තුළ වූ සාර්ථකම ශිෂ්‍ය නායකයා බවට පත් විය. ආචාර්ය සේවක සිසුන් ආදී කවරෙකුගේ වුවත් සිත දිනා ගැනීමට නිෂ්මිට ගත වූයේ සුලූ මොහොතකි. එ අන් කිසිවක් නිසා නොව ඔහුගේ තිබූ ලෙංගතුකම සහ මානව දයාවත්, ඔහු වඩා තාර්කිකව සහ සත්‍ය ඉදිරියේ වූ අවංක කමයි. ඔහු කිසිවිටෙක සත්‍ය ඉදිරියේ නම්‍යශීලී නොවීය. අරමුණු සහගතව ඍජුව සිටියේය. එකල පේරාදෙණිය සරසවියෙ උපකුලපති මහාචාර්ය අර්ජුන අලූවිහාරේ මහතා ඔහු ගැන අතීත ආවර්ජනයක යෙදෙමින් කියා සිටියේ, ‘‘නිෂ්මි ශිෂ්‍ය අරගලයන් හා ආණ්ඩුව ගෙනයන අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩපිළිවෙල සාකච්චා කරද්දී දැඩි මතයක සිට සිය කරුණු ඉදිරිපත් කළා සේම ඔහුගේ ස්ථාවරය වෙනුවෙන් ඉතාම විනීතව තාර්කිකව විශ්වවිද්‍යාල සිසුවෙකුට අදාල පෞර්ෂත්වය සහ බුද්ධිමත්භාවය සහිතව කටයුතු කළා. එසේම පංති වර්ජනයන් හා විභාග වර්ජනයන් ආදියෙදී පැය ගණන් කතා කර සිය මතය තාර්කිකව ඉදිරිපත් කිරීමට උත්සහ ගත්තා විනා කිසිසේත්ම තර්ජනය හා බලපෑම් කිරීම් වලට උත්සහ කළේ නෑ.’’ අද ද පේරාදෙණිය සරසවියේ ඇතැම් සේවක මහත්ම මහත්මීන්, ගුරුවරුන් ,සමකාලීනයන් නිෂ්මි ගැන සිහිකරන්නේ දයාබර සටන් සඟයෙක් මානව හිතවාදී මිනිසෙකුගේ මතකයයි. එසේම නිදහස් අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් කළ කැපකිරීම් හා ක‍්‍රියාකාරීත්වයත් ඒ හමුවේ වූ නොසැලෙන බවත් අදත් අප මාවතට ආලෝකය සපයයි. 1990 ජනවාරි 18 වන දින අත්අඩංගුවට ගෙන පෙබරවාරි 10-15 අතර දිනක ඝාතනය කරන ලදී. ඔහුගෙ ඝාතකයා පසු කලෙක පුවත් පතකට පාපොච්චාරණයක් කර ලියා තිබුනේ නිෂ්මි ඝාතනයේ කම්පනය තම මුලූ ජීවිතයටම මහා බලපෑමක් කළ බවයි. අහිංසක මිනිසෙක්, නිවැරදි මිනිසෙක් මරා දැම්මා යන හැ`ගීමෙන් ඔහුට ගැලවීමට නොහැකි බවයි.

1 comment:

  1. ඔබගේ සොයා බැලීමට බෙහෙවින් ස්තුතියි. නමුත් පරිශීලනයට බාධ වන කිසිදු දෙයක් අපගේ වෙබ් අඩවිය තුල ඇතුලත්ව නොමැත..

    ReplyDelete