සරසවිවලට හමුදා ඔත්තුකරුවන්...

විශ්වවිද්‍යාලවලට හමුදා ඔත්තුකරුවන් එවීමේ සැලසුමක් ඇතැයි අනාවරණය වේ. මීට අදාළ මූලික කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී.
හමුදාවල සිටින උසස් පෙළ සමත් හා සරසවි වරම් ලැබීමට සුදුසු සෙබළුන් තෝරා ඔවුන් හමුදා සෙබළුන්ට වැඩිදුර අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනක් ලෙස හඳුන්වා විශ්වවිද්‍යාලවලට එවීම මෙම සැලසුමයි. මීට පෙරද මේ ආකාරයට පුද්ගලයින් සරසවි සිසුන් ලෙස අධ්‍යාපනය ලැබමින් ඔත්තු සැපයූ නමුත් ඉන් ප්‍රමාණවත් ප්‍රතිඵල අත් වී නැත.
මේ නිසා සියලු විශ්වවිද්‍යාලවලට විශාල ඔත්තුකරුවන් පිරිසක් එවීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයිද අනාවරණය වේ. විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය දේශපාලනය අඩපණ කිරීමට ආණ්ඩුව සිසුන්ට හමුදා පුහුණුවක් ලබාදීමට පියවර ගත් අතර එයද මේ වන විට අසාර්ථක වී තිබේ. හෙට (28) ‍නව කණ්ඩායම සඳහා හමුදා පුහුණුව ලබාදීමට නියමිතව තිබූ නමුත් එහි සැලසුම් කිරීම් තවමත් සිදුව නැතැයි වාර්තා වේ. එසේ වී ඇත්තේ ආණ්ඩුව එම ව්‍යාපෘතිය අත්හැර දැමීමට සැරසෙන නිසා බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

2 comments:

  1. මිලිටරිකරණය තමයි මේ ආණ්ඩුවට හැමදේටම තියන එකම උත්තරේ................

    ReplyDelete
  2. හැම තැනටම හමුදාව හමුදාව..මර්ධනයට තමයි ඔය දගලන්නේ...

    ReplyDelete