Z-Score නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණට...

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව Z-Score සම්බන්දයෙන් ශ්‍රේෂ්ඨාධිකරණට අභියාචනාවක් කිරීමට සුදානම් වන බව අද දින (2012.06.26) පැවති මාධ්‍ය හමුවකදී එස්.බී. දිසානායක අමාත්‍යවරයා පවසා සිටියේය.
උසස් පෙළ "Z" අගය කවුරුන් තීරණය කරන්නේදැයි නිගමනයක් ලබා ගැනීම මෙහි අරමුණ බවද පැවසීය. නීති තර්ක ඉදිරිපත් කරමින් අධ්‍යාපන බලධාරීන් තාම තමන්ගේ හෙළුව වසා ගැනීමට උත්සහ ධරනවා වීනා, සාධාරණව උසස් පෙළ ප්‍රතිඵළ නිකුත් කිරීමට අවශ්‍යතාවයක් නොතිබීමේ කරුමය උසස් පෙළ හදාරා නිවැරදි ප්‍රතිඵළ බලාපොරොත්තුවෙන් සිටින සුවහසක් සිසුන් මත පතිත වී අවසානය. ලෝකයේ ඉහල පෙලේ පිළිගැනීමක් තිබුණු ලංකේය අ.පො.ස. උ/පෙ විභාගය අද විහිළුවක් බවට පත්කර ඇත. ප්‍රතිඵළ නිකුත් වී අදට මස 7 ක් ඉක්ම ගොසිනි. එහෙත් තවම Z අගය සොයයි. ආඩම්බරකාර පියාගේ අමන ගෝල බාලයින් නූපන් පරපුරකද අධ්‍යාපන අයිතිය පවා දී හමාරය.

No comments:

Post a Comment