සරසවි අනධ්‍යයන සේවක වැඩ වර්ජනය අවසන්....


දින 21ක් තිස්සේ පැවැත්වුණු අනධ්‍යයන අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද පස්වරුවේ අවසන් කෙරිණි. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සමලේකම් ධම්මික එස්. ප්‍රියන්ත මහතා පැවසුවේ කම්කරු අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත එම තිරණය ගත් බවය. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරිමේ එකඟතා ගිවිසුමට කම්කරු අමාත්‍යාංශයේදි අද පස්වරුවේ , අත්සන් කළ බවත්, සුබවාදී ප්‍රතිචාර තම තීරණයට හේතුවූ බවත්, ඔහු ප්‍රකාශ කළේය. ධම්මික එස්.ප්‍රියන්ත මහතා පැවසුවේ, හෙට දිනය ඇතුලත සේවයට වාර්තා කරන්නැයි අනධ්‍යයන සේවකයින්ගෙන් ඉල්ලා සිටි බවය.

No comments:

Post a Comment