පද්මසිරි ත‍්‍රිමාවිතාරණ
ඔහු පවුලේ වැඩිමලා විය. සිය අධ්‍යාපනය සඳහා බරපැන දරන්නට මව පිටරට සේවයට යනු බලා සිටිය නොහැකිව දර මඩුවක කුළියට දර පැලූවේය.
එක්තරා අඳුරු නිමේශයක රටේ සුවසක් දරුවන්ගේ අධ්‍යාපනය උදුරා ගන්නට මාන බැලූ පිසාචයන් රැලකට එරෙහි වූ වරදට අහිංසක සිසු ජීවිත විශාල ප‍්‍රමාණයක් අමු අමුවේ උදුරා ගත්තා....
1988 ඔක්තෝබර් මස 22 දින රත්නපුර බස් නැවතුමේ දී සුසන්ත පුංචිනිලමේ ඇතුලූ මැර කල්ලියක් විසින් පැහැරගෙන ගොස් පසුදාම ‘‘අමරපාල ස්ටේට්’’නම් වත්තකදී ඔහු මරා දමා තිබුනා. ඔලූවට පරාල ඇන ගසා ඇස් උගුල්ලා දසවද දී ඝාතනය කිරීමට තරම් අපේ රටේ පාලකයන් ම්ලේච්ඡු වුනා. ත‍්‍රිමා ඇතුලූ ශිෂ්‍ය ව්‍යාපාරයේ සොයුරු සොයුරියන් කෙරේ පාලකයන් කෙතරම් බිය වූවාද යන්න එයින් මොනවට පැහැදිලි වුනා. නිවැරදි දැක්මක් දක්ෂ සංවිධාන ශක්තියක් අභිබවන්නට ආණ්ඩුවට නොහැකි වුනා.
ත‍්‍රිමා හොඳ කවියෙක්, හොඳ චිත‍්‍ර ශිල්පියෙක්, ඒ හැමටම වඩා ආදරණීය සගයෙක්. 1988 ඉල් මාසයේ කඳුලූ පිරි දෙනෙතින් ලක්ෂ ගණනක් කොළඹට ඇදී ආපු මානවහිතවාදී මිනිසුන් කියා පෑවේ අභීත සිසු විරුවෙකුගේ වියෝව නොවේ. කෲර පාලකයින් කෙරේ වූ වෛරය හා කෝපයයි.
උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රාගම වෛද්‍ය පීඨය ලෙස ලංකේය ශිෂ්‍ය ප‍්‍රජාවට අයිති වෙද්දී ඒ අරගලයට පණ පෙව්වේ ඔහුය, ඒ පසුපස හිටිය යෝධ සෙවනැල්ල ඔහුය, අදද හෙටද ලංකේය ශිෂ්‍ය පරමාදර්ශය ඔහුමය.
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment