වෙනුර එදිරිසිංහ..

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඔහු ඇතුලත් වුනේ රාජකීය විද්‍යාලයේ හොඳම ශිෂ්‍යයා ලෙසයි. 1984 වසරේ විද්‍යාලයීය ත්‍යාග ප‍්‍රධානෝත්සවයේ දී
            • ඇල්ෆ‍්‍රඞ් ඇන්ඩිස් අනුස්මරණ ත්‍යාගය - (උද්භිද විද්‍යාව සඳහා) 
            • පී සී ඩබ් පීරිස් අනුස්මරණ ත්‍යාගය - (සත්ත්ව විද්‍යාව සඳහා) 
            • එෆ් ඊ වීරසූරිය අනුස්මරණ ත්‍යාගය - (ජීව විද්‍යා අංශයේ හොඳම ත්‍යාගය)
            • තිස්ස වික‍්‍රමසිංහ අනුස්මරණ ත්‍යාගය - (උද්භිද හා සත්ව විද්‍යාව සඳහා හොඳම ශිෂ්‍යයා)
            • අ පො ස (උ/පෙළ) විභාගයේ හොඳම සිසුවාට හිමි ත්‍යාගය
            • එම් ගුණරත්නම් අනුස්මරණ ත්‍යාගය

යන සියල්ලම දිනා ගත්තා. ඒ වගේම ඔහු හොඳ ක‍්‍රීඩකයෙක් හා කලා කරුවෙක් ද වුනා. ඒ වගේ මානව හිතවාදී සංවේදී සහෘදයෙක්ද වුනා. බාලේ ගේ (නිමල් බාලසූරිය) මරාදැමුන දවසේ මහා හඬින් ඔහු හඬා වැටුණු හැටි ඔහුගේ සමකාලීනයන් තවමත් මතක් කරනවා. ඒ වගේම පුංචි කාලෙ ඔහුගේ යාලූවා මියගිය විට ඒ දුක දරාගත නොහැකිව දින ගණනාවක් නොකා නොබී සිටි මේ සංවේදී දරුවා මේ සා දැවැන්ත ශිෂ්‍ය ව්‍යාපාරයකට නායකත්වය දුන්නා යැයි ඔහුගේ මව පවා පිළිගන්නේ පසුවයි. බාලේ ගෙන් පසු අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකත්වය ගන්නේ වෙනුර එදිරිසිංහ සොයුරායි. 1989 කොල්ලූපිටියේදී පැහැරගෙන ගොස් අතුරුදහන් කරන තුරු ලංකේය ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දුන්නා. වෙනුර 1989 සැප්තැම්බර් 21 දින ඝාතනයට ලක්වුනා. අත්අඩංගුවේදී රඳවා වද දීමේදී ඔහුගේ ඇඟිලි කිහිපයක් කපා දමා තිබුනා. සිය ඇඟිලි වලින් වැගිරෙන ලේවලින් ඔහු වදකාගාරයේ බිත්තියේ මෙසේ ලියා තිබිණි.‘‘මතු පරපුරේ නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අපි සටන් වැදුනෙමු. නිදහස් අධ්‍යාපනය දිනේවා’’.....

No comments:

Post a Comment