තඹර විල කලා ප්‍රසංගය 2012

විශ්වවිද්‍යාල සිසුවා යනු හුදෙක් වනපොත් කිරීමෙන් තොර වූ ප්‍රායෝගික පුද්ගලයෙක් විය යුතු අතර ඔහුගෙන් සමාජයට ඉටු විය යුතු යුතුකම් බොහොමයක් ඇත. තාක්ෂණික දැනුම යොදා ගනිමින් නිර්මාණශීලී දෙයක් සමාජයට එක් කිරීමයි ඉන් පියවරකි.
නව සංකල්ප, නව නිර්මාණ ආදිය ඉලක්ක කර ගනිමින් යන්ත්‍ර සුත්‍ර අතරේ ගෙවී යන ඉන්ජිනේරු සිසුවාගේ ජීවිතය බෙහෙවින් ම යාන්ත්‍රික බව සමාජයේ පිළි ගැනීමයි. ඒ මිත්‍යාවට අතුල් පහරක් දෙමින් 2012 වසරේත් තඹර විල කලා මංගල්‍යය පිරිනමන්නට රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය සැරසෙයි. ඉංජිනේරු සිසුවා සාම්ප්‍රදායික අධ්යාපන රටාවෙන් මිදී උසස් කලා රසවින්දනය සෙවීමේ ව්යායාමය තඹර විල කල ප්‍රසංගයයි. දෛනික ජීවිතයේ හමු වන නිබන්ධන, වාර්තා, ප්‍රයෝගික පරීක්ෂණ වලින් හෙම්බත් වුණු විශ්වවිද්‍යාල ජීවිතයෙන් මිදීම මෙන් ම ඉංජිනේරු සිසුවාගේ සැඟවී ඇති කලා හැකියාවන් ඉස්මතු කිරීමේ වේදිකාවක් ලෙස ද තඹර විල මහා කලා මංගල්‍යය හැඳින්විය හැකි ය.
රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ සිසු සිසුවියන්ගේ නිර්මාණාත්මක කලා හැකියාවන් බාහිර සමාජයට එලි දැක්වීම අරමුණු කොට ගත්, තාක්ෂණයෙන් ඔබ්බට ගිය සිතුවිලි වලින් හැඩ කෙරුණු අසිරිමත් කලා මංගල්‍යයක සිරි ගත් “තඹර විල” කලා ප්‍රසංගය 2012 ජුනි මස 24 වන දින ප.ව. 3.00 සිට ප.ව. 7.00 දක්වා කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී ඔබ වෙනුවෙන් පිරිනැමෙනු ඇත. 
ගායන, නර්තන, වාදන ආදියෙන් සුසැදි එය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සුදානම් කොට ඇති අතර ප්‍රයවේශ පත්‍ර එදින දොරටුවෙන් මිලදී ගත හැකි ය. එදිනට පැමිණෙන ලෙස රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ඔබ සැමට අරධදනා කර සිටී..

No comments:

Post a Comment