SUSANTHA ARUNA BANDARA THE HERO OF STUDENTS

ආදරණීය සුසන්ත සොයුර
හඬනගන සිසුවන්ට
සවි බලය ලබාදුන්
ඔබේ හඬ ඇසෙනු නැත
ඔබේ රුව පෙනෙනු නැත
අද දිනේ සරසවිය තුළ.......
වසරකට පෙරාතුව
අපට යුක්තිය දෙන්න
අවුලූවා සරසවිය
වැනසුවා ඔබේ දිවිය......
වියළුනත් අපෙ කඳුළු
නැගුන දෑසට එදා
කැකෑරෙන මතකයන්
සැගව ඇත හිත පතුල
මිනිමරු පොලිස් රැළ
දුන්නු ඒ පොලූ පහර
වැදී ඔබේ සිරුරට
ඔබ නිහඬ වු සඳ
අයුක්තිය රජකර
වරද බස්සෙකු මතට
දැමු ඒ අමන රැළ
තුරන්කර සඳහටම
ඉටු කරන්නට ඔබට
අහිමි වු යුක්තිය
ඇවිත් අපේ සටනට
අදිසි වෙසකින් නැවත
සවිය දෙනු මැන සොයුර
පරදන්න අයුක්තිය......




සුසන්ත අරුණ බණ්ඩාර සොයුරා සිහිපත් කරමින්,අද දින(2011.07.24)රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් එහි සියලූම පීඨයන් දායක කරගනිමින් කැකනදුර ‘‘ඔබ මම’’ළමා ගම්මානය වෙත ද්‍රව්‍ය අධාර පරිත්‍යාගයක් සිදු කරන ලදී.



සුසන්ත බණ්ඩාර සැමරුම් දෙවන දිනයටත්...
පසුගිය වසරේ රුහුණ සරසවි නේවාසිකාර අරගලයේදී දිවි පිඳු මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලැබූ සුසන්ත අරුණ බණ්ඩාර සොයුරා සිහි කරමින් අද දින(2011.07.25)රුහුණ සරසවි විරු සිසු ස්මාර්කය අභියස සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණි.




සුසන්ත බණ්ඩාර අපට කියාදුන් පාඩම කුමක්ද?

සරසවි සිහිනය සැබෑ කරගන්නට කළ යුතු කැපකිරීම් වල ප‍්‍රමාණය ඔබට හෝ මට කවුරුන් විසින් හෝ අමුතුවෙන් විස්තර කරදියයුතු නැත.එසේ විසිර මල් පෙති මාවතක නොව කටු බොරළු මාවතක ඇවිද යමින් සුසන්ත බණ්ඩාර අපේ ආදරණීය සටන් සගයාද සරසවි වරම් ලබන්නේ සුවහසක් වූ බලාපොරොත්තු ගොන්නක් කරපින්නාගෙනය.
අම්මේ අර කුරුළු රෑන්
කොහෙටද පියඹා යන්නේ
නිදහස් මංපෙත් සොයමින්
නව හිරුගේ සොඳුරු නිවස
ඈත එපිට ක්ෂිතිජය තුළ
සැගවී ඇත්තේ...........
ඒ නව හිරු දැක ගන්නට
නව හිරු රැස් විඳගන්නට
කෙතරම් බාධා තිබුණත්
අඳුරින් ආලෝකය වෙත
පියඹා යන්නේ.............     


යුක්තිය, අද සමාජයේ විවිධ වූ සමාජීය කොට්ඨාසයන් ඉල්ලා සිටින්නේ යුක්තියයි. මිනිසුන්හමුවේ ඇති දැවෙන ප්‍රශ්න හමුවේ, විටෙක මිනිසුන් යුක්තිය යදී. විටක යුක්තිය ඉල්ලා හඬනගයි. විටෙක යුක්තිය උදෙසා සටන් කරයි. කෙසේ හෝ මිනිසුන් යුක්තිය ඉටුකර ගනු වස්පෙළගැසී සිටී.



මේ අප සූදානම් වන්නේ 2010-06-18 හරියටම මින් වසර දෙකක් එපිටට ඔබේ මතකය රැගෙන යමටයි. රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් එදා නේවාසිකාගාර දිනා ගැනීමේ අරගලයක නිරත වී සිටියෝය.