ආණ්ඩුව මේ බලාසිටින්නේ සබරගමුව සරසවියේ තවත් බිල්ලක් ලැබෙනතුරු ද?
සබරගමුව විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක තත්ත්වය මේ වනවිට ඉතාමත් බරපතල අයුරින් බිඳ වැටී ඇති බවත් මේ වනවිට සිසුන් විවිධ රෝගාබාධවලට ලක්වී සිටියදී විශ්වවිද්‍යාල පරිපාලනය හෝ උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙතෙක් ඒ පිළිබඳ අවධානය යොමුකර නොමැති බවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා පැවසීය.
සබරගමුව විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක තත්ත්වය මේ වනවිට ඉතාමත් බරපතල අයුරින් බිඳවැටී ඇති අතර ඒ හේතුවෙන් සිසුන් විශාල සංඛ්‍යාවක් ඊයේ දිනයේ සිට දිගින් දිගටම විවිධ උදරාබාධවලට ලක්වීම හේතුවෙන් ප‍්‍රතිකාර ලබාගැනීමට රෝහල් ගතකර වී ඇත.
බඬේ කැක්කුම, වමනය, පාචනය වැනි උදරාබාධ හා ඒ ආශි‍්‍රත රෝග වැලඳීම හේතුවෙන් 2012 ජුනි 12 දින එනම් ඊයේ දින සිසුන් 38 දෙනෙක් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ප‍්‍රතිකාර ලබාගෙන ඇති අතර අද වනවිට එම ප‍්‍රමාණය 78 දක්වා වර්ධනය වී ඇත. එසේම තවදුරටත් සිසුන් රෝගාබාධවලට ලක්වෙමින්ද සිටී.
මීට අමතරව පඹහින්න රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන හා මේ දින දෙක තුළ ප‍්‍රතිකාර ලබා පිටවී ගිය ශිෂ්‍ය සංඛ්‍යාව 40කට අධික වේ. එහෙත් මේ සඳහා බලපා ඇති හේතු කවරේද යන්න මේ වනවිටත් හඳුනාගෙන නොමැති අතර, තවතවත් සිසුන් විශාල වශයෙන් ලෙඩ වෙමින් සිටිති. මේ සඳහා බලපා ඇති හේතු ලෙස හඳුනාගත හැක්කේ විශ්වවිද්‍යාලයේ පිරිසිදු ජල පහසුකම් නොමැකිවීමයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ සමස්ත ජල අවශ්‍යතාවයෙන් යම් ප‍්‍රමාණයක් නළ මාර්ග හරහා ලබාදෙන අතර, ඉතිරි අවශ්‍යතා පියවීම සඳහා විවිධ ස්ථාන වලින් බවුසර් මගින් ජලය ප‍්‍රවාහනය කරයි. අද වනවිට බවුසර් හරහා ලබාදෙන ජල පහසුකම්ද සීමා වී ඇති අතර විශ්වවිද්‍යාලය තුළ විශාල ජල හිඟයක් නිර්මාණය වී ඇත. එසේම ලැබෙන සීමිත ජල ප‍්‍රමාණයේ පවා ප‍්‍රමිතිය පිළිබඳ කිසිඳු වගකීමක් නැත. විශ්වවිද්‍යාල සිසුන් 3000 කට අධික පිරිසක් සිටින අතර ඔවුන්ගේ සෞඛ්‍යය පිළිබඳ සොයාබැලීම සඳහා අඩුම තරමේ විශ්වවිද්‍යාලය තුළ මහජන සෞඛ්‍ය පරීක්ෂකයක හෝ නොමැත. එයින්ම විශ්වවිද්‍යාල පරිපාලනය සිසුන්ගේ සෞඛ්‍ය පිළිබඳ දක්වන සැලකිල්ල පැහැදිලිවේ.
එසේම අනෙක් පැත්තෙන් නේවාසිකාගාරවල වැසිකිලි අපද්‍රව්‍ය ඉවත්කිරීමද මුළුමනින්ම පාහේ අඩපන වී ඇත. ඒ හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ නේවාසිකාගාර කිහිපයක වැසිකිලි උතුරාගිය අතර නේවාසිකාගාරවල ජීවත්වීමට පවා අසීරු වී ඇත. ආපනශාලා පවත්වාගෙන යාමට අසීරු වී ඇත.
අද සිසුන් බරපතල ලෙස රෝගාබාධවලට ලක්වීමට බලපා ඇත්තේ විශ්වවිද්‍යාල පරිපාලනයේ යට කී වගකීම් විරහිතභාවයයි. උසස් අධ්‍යාපන අමාත්‍යංශය සිසුන් මර්දනයට තරම් මැදිහත්වීමේ වුවමනාවක් මෙවැනි ප‍්‍රශ්නවලදී නැත. සිසුන් 3000කගේ සෞඛ්‍ය පිළිබඳ සොයාබැලීමට වසර ගණනාවකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකයකු බඳවානොගත් විශ්වවිද්‍යාල පරිපාලනය, ආරක්ෂක අංශ සඳහා මිලියන ගණනින් මුදල් වියදම් කරයි. විශ්වවිද්‍යාල පද්ධතියේ වැඩිම ආරක්ෂක වියදම් දරන්නේද සබරගමු විශ්වවිද්‍යාලයේය. පුදුමයට කරුණ වන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකයකු බඳවා ගැනීමට මුදල් නැතැයි කී පරිපාලනය අද දිනත් ‘රක්නා ලංකා’ ආරක්ෂක සේවය සඳහා ආර්ක්ෂකයින් විශාල ප‍්‍රමාණයක් බඳවා ගැනීමයි.
සබරගමුව විශ්වවිද්‍යාල පරිපාලනයේ වගකීම් විරහිතභාවය හේතුවෙන් නේවාසිකාගාරයකදී විදුලිසැර වැදී එක් සිසුවකු මියගොස් තවම වසරක්වත් ඉක්මගොස් නැත. එම මරණයට හේතු වූයේද විදුලිබල මණ්ඩලය පවා අනුමත නොකළ අධිබලැති විදුලි රැුහැන් ආසන්නයේ කිසිදු සොයාබැලීමක් නොකර නේවාසිකාගාරයක් ඉදිකිරීමයි. එම සිසුවාගේ මරණයේ වගකීම බාරගැනීමට එදා විශ්වවිද්‍යාල පරිපාලනයට සිදු වූ නමුත් තවමත් හරිහමන් පාඩමක් උගෙන නැති බව අද වනවිට උද්ගතව ඇති තත්ත්වයෙන් මනාව පෙනේ.
විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු පරිපාලනයත් උසස් අධ්‍යාපන අමාත්‍යංශයත් තවදුරටත් සබරගමුව විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය හා සනීපාරක්‍ෂක තත්වය පිළිබඳ උද්ගතව ඇති ගැටලූ ඉදිරියේ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම තුළ මතුවන්නේ ඔවුන් තවත් සිසුවකු හෝ සිසුන් කිහිපදෙනෙකු ඝාතනය වනතුරු බලාසිටින්නේද යන්නයි.