විශ්වවිද්‍යාල ආචාර්යවරු වැඩ වර්ජනයට සැරසේ - විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය
එළැඹෙන ජුලි මස 04 වැනි දින සිට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම ආවරණය වන පරිදි අඛණ්ඩ වැඩ වර්ජනයකට යාමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සූදානමින් සිටී.
ජාතික ආදායමෙන් 6% ක් අධ්‍යාපනය සඳහා වෙන්කිරීම, බුද්ධි ගලනයට හා වැටුප් ප‍්‍රශ්නයට නිවැරදි විසඳුම් ලබාගැනීම, අධ්‍යාපන ක්ෂේත‍්‍රයට අදාළව තීන්දු තීරණ ගැනීමේ දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ උපදෙස් ලබාගැනීම වැනි කරුණු කිහිපයක් මුල්කර ගනිමින් ඔවුහු මෙසේ අඛණ්ඩ වැඩවර්ජනයකට යාමට සූදානම් වෙති.
මේ පිළිබඳ අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ලේකම් ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා ප‍්‍රකාශ කර සිටියේ ‘‘දිගින් දිගටම සාකච්ඡා කළත් තවමත් නිවැරදි විසඳුම් ලැබී නැති බැවින්’’මෙම වැඩවර්ජනය අරඹන බවයි. ‘‘අප කොපමණ කතා කළත් මෙම ගැටලූ විසඳන්නේ නැ. ඒ නිසා ජුලි 4 වැනිදා අඛණ්ඩ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයකට යන බව’’ වැඩිදුරටත් පැවසීය.
මේ වනවිටද විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අනධ්‍යන සේවකයින් දියත් කර ඇති වැඩවර්ජනය හේතුවෙන් අධ්‍යයන කටයුතු අඩාල වී ඇති අතර පාලකයින් පවතින ගැටලූ නිරාකරණය කිරීමට තවමත් මැදිහත්වී නොමැත.