මහපොළ අරමුදලේ කොටි 80 ක ගනුදෙනු පිළිගැනීමට බැහැ...

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ රුපියල් අසුකොටි එකොළොස් ලක්ෂයක ගනුදෙනු සඳහා ලිකිත සාක්ෂි ඉදිරිපත් නොකළ බැවින් එකී ගනුදෙනු පිළිගැනීමට නොහැකි වූ බව විගනකදිපතිවරයා ප්‍රකාශ කර සිටී.
එම අරමුදලේ 2010 වසෙරේ විගණන වාර්තාව සඳහනකරන අන්දමට විශාල මුදල් ගනුදෙනු සඳහා ලිකිත සාක්ෂි විගණනයට ඉදිරිපත් නොකිරීම නිසා එම ගනුදෙනු සතුටුදායක ලෙස නිරීක්ෂණය කිරීමට හෝ පිළිගැනීමට නොහැකි වූ බව ප්‍රකාශ කර සිටී.
 එම වසරේදී රුපියල්  හැත්තෑ හය කොටි තිස් හත් ලක්ෂ හතලිස් හයදහස් පන්සීයක මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදාන ඇතිමුත් එකී ශිෂ්‍යත්ව ප්‍රදාන ලේකනය තමන්ට ඉදිරිපත් නොකළ බව ද විගනකධිපතිවරයා පවසයි. එමෙන්ම රුපියල් එක්කෝටි පනස් දෙලක්ෂයක ශිෂ්‍යත්ව ආපසු ගෙවීම් සඳහා ද ලේකනයක් විගණනයට ඉදිරිපත් නොකළ බව පවසන විගනකධිපතිවරයා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේන් මාපල අරමුදලට ලද රුපියල් එක්කෝටි අසූ දෙලක්ෂ අනූනව දහසක අදායම සඳහාද නිරවද්‍යතාව දැක්වෙන ප්‍රකාශයක් ඉදිරිපත් නොකළ බව සඳහන් කරයි. තවද රුපියල් ලක්ෂ එකොළහක් වටිනා ඩබල් කැබ් රථයට අදාළ ලොග් සටහන් පොත පවා විගණනයට ඉදිරිපත් කිරීමට මහපොළ බර අරමුදල අපොහොසත් වූ බව පවසන විගනකදිපතිවරයා කාර්යමණ්ඩල වියදම් ලෙස රුපියල් විසිහත් ලක්ෂ දහඅට දහසක් වැයකර ඇතිමුත් ඊට අදාළ සාක්ෂි ඉදිරිපත් නොකළ බව දවාර්තාවේ සඳහන් කර ඇත.
විශාල සේවක නඩත්තු වියදමක් දරමින් මෙතරම් ගනුදෙනු ප්‍රමාණයක ලිකිත සාක්ෂි ඉදිරිපත් කර ගැනීමට අපොහොසත් වීම තුලින්ම මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ වංචාවක් සිදු වී ඇති වග පැහැදිලිය. 2010 වසරේ ශිෂ්‍යත්ව ප්‍රදානය රු: 763746500.00 වන විට 2010 වසරේ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ වංචාව අවම වශයෙන් රු: 801100000.00 පමණ විය යුතුය. මෙවන් තත්වයක මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පවතින විට, ලබා දෙන ශිෂ්‍යත්වයද කප්පාදු කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා චක්‍රලේක ඉදිරිපත් කරමින් සිටි. මේ විනාශ කරන්නේ හුදෙක් වත්මන් ආණ්ඩුවේ සින්නක්කර දේපලක් නොව අහිංසක දුප්පත් මහජනතාවගේ මුදල් බව පාලකයින් වටහා ගත යුතු නොවන්නේද ?....

1 comment: