සරසවි සිසුවියගේ රන් මාලය සොරාගෙන....

රුහුණ විශ්විද්‍යාලයීය මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ දෙවන වසර අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යයාවකගේ රන් මාලය, අද එනම් 2011/07/31 දින උදෑසන ඇය නවාතැන්ගෙන සිටි පෞද්ගලීක කූලි නවාතැන්පළේ දී සොරාගෙන ඇත.
පෞද්ගලික නවාතැන්වල ජීවත්වන සිසුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් නැවත වරක් අවධානය යොමුකළ යුතු තත්ත්වයක් නිර්මාණය කරන මෙවැනි සිදුවීම්, සිදු වු ප‍්‍රථම අවස්ථාව මෙය නොවේ. මින් පෙර ද මෙවනිම වු සිදුවීම් කිහිපයක්ම සිදුව තිබුණි.
මුදල් ගෙවා පෞද්ගලික නවාතැන්වල සිටින සිසුන්ටත් නේවාසිකාගාර පහසුකම් ලබාදීමේ වගකීමක් ඇති සරසවි පාලනය එම වගකීම මගහරිමින් සරසවියට අයත් නේවාසිකාගාරවල ද පුරප්පාඩු පිරිවීමට අවස්ථාව තිබිය දී තවමත් එම පුරප්පාඩු පිරවීමට අසමත්ව ඇත.
මෙවැනි තත්ත්වයක් තිබියදී සරසවි සිසුන්ට වසර දෙකක් පමණක් නේවාසිකාගාර ලබාදීමට ප‍්‍රතිපත්ති සකස්කරන පලකයන් සරසවි සිසු ජීවිතවල ආරක්‍ෂාව ගැන නොව ආණ්ඩුව සතුටු කිරීමට කටයුතු කරන බව සරසවි සිසුන් කියා සිටී.
දිනෙන් දින නේවාසිකාගාර පහසුකම් කප්පාදු කරන පාලනාධිකාරියට සරසවි සිසුන් මුහුණ දෙන මෙවැනි සිදුවීම්වල වගකීමෙන් මිදීමට නොහැකිබව සරසවි සිසුන් අවධාරණ කර සිටී.