රුහුනේ සිසුන්ගේ නඩු දිනය...

ඊයේ(2011-08-01)දින රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් 28 දෙනෙක් මාතර දිසා අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ.මේ අතර පසු ගිය 2005 වසරේ විශ්වවිද්‍යාලයේ ඇති වූ සිදුවීමක් සම්බන්දයේන් පොලීසිය විසින් චෝදනා ගොනු කළ සිසුන් 5 දෙනෙකුද වූහ.මොවුන් මේ වන විට විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු හමාර කර ඇතත් තවමත් විශ්වවිද්‍යාලයේදී සිදු වූ සිදුවීමක් පිළිබඳව මෙසේ අධිකරණයට වාර්ථා කිරීමට සිදු වී මෙන් මොවුන් බරපතල අපහසුතාවන්ට පත් වී ඇතයි ඔවුහු පැවසූහ.
මෙහිදී ඉදිරිපත් වූ අනෙක් සිසුන් සියල්ලම දැනට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන අය වන අතර ඔවුන් මුහුණ පා ඇති බරපතල ප‍්‍රශ්නය වන්නේ සෑම සති අන්තයකම පොලිසියට වාර්ථාකළයුතු වීමයි.මෙයින් ඹවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට විශාල බාදා එල්ල වී ඇති බව සිසුන් අධිකරණයට දැන්වීය මේ පිළිබඳ සලකා බැලූ අධිකරණය පොලිසියේ පෙනී සිටිය යුතු කාලය මාසයකට එක් වරක් ලෙස සංශෝධනය කළහ.මේ අතර මේ සඳහා ඉදිරිපත් වූ සිසුන් පැවසූයේ ඉහත චෝදනා සම්බන්දයෙන් තමන් විසින් බාහිර මැරයන් යොදා තමන්ට කළ පහරදීම් පිළිබඳ පසුගිය කාලය පුරාවට පොලිසියට ඉදිරිපත් කළ පැමිණිලි සම්බන්දයෙන් පොලිසිය මෙතෙක් කිසිදු දෙයක් කර නොමැති බවත්ය.මේ නිසා සිසුන් එවැනි දේ සිදු වූ විට ඒ පිළිබඳ පැමිණිලි කිරීමට පොලිසියට යාමට මැලි වන බවත්ය.එයට හේතු ලෙස සිසුන් දක්වන්නේ ඔවුන්ට ඒ සඳහා ආණ්ඩුවේන් එල්ලවන බලපෑම් බවයි.පසුගිය වසර පුරාවට ගත් කළ රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් 68 දෙනෙක් දින 165 ක් බන්දනාගාර ගත වී ඇත.මේ අතර සිසුවියන් දෙදෙනෙකුද විය.මේ අතර සුසන්ත බණ්ඩාර සිසුවාගේ ජීවිතයද අහිමි විය.මේ තුළින් ගම්‍ය වන්නේ අන් කිසිවක් නොව සිසුන් දහස් ගනනක් හෝ සරසවියෙන් ඉවත් කොට සරසවි මෙල්ල කරනවා යැයි පවසන අධ්‍යාපන බලධාරීන් සිසුන් වෙත පොලිසිය යොදා එල්ල කරන මර්ධනයේ තරමය.