රාජ්‍ය නවක වදය බිල්ලක් ගනී.

නවක සිසුන් සඳහා ලබාදුන් නායකත්ව පුහුණුව අතරතුර රෝගාතුර වූ සහෝදරියක් බදුල්ල රෝහලේදී මියගොස් තිබේ.මෙසේ මියගොස් ඇත්තේ දියතලාව යුද හමුදා කඳවුරේ පුහුණුව ලැබූ නිෂාන්ති මධුෂානි නැමති ශිෂ්‍යාවයි.නායකත්ව පුහුණුවේ පළමු අදියරට සහභාගී වු මැය ජුනි මස 29 වන දින රෝගාතුරව බදුල්ල රෝහලට ඇතුලත් කොට තිබේ.
පසුව ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබා තිබේ.ඇයගේ මරණ පරීක්‍ෂණ වාර්තාවේ දැකවෙන්නේ අධික දූවිලි සහිත පරිසරයක ගැවසීම නිසා පෙනහලූ වලට විෂබීජයක් ඇතුලත් වීම නිසා මෙම මරණය සිදු වී ඇති බවයි.වැලිමඩ තෙන්නකෝනවෙල ප‍්‍රදේශයේ තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූ නිෂාන්ති මධුෂානි සහෝදරිය මියයනවිට 20 වන වියෙහි පසුවූවාය.