නවක සිසුන් ලියාපදංපදිංචිය...
මේ දිනවල දිවයිනේ සියලූම සරසවි වල මීලග අධ්‍යන වර්ශය සඳහා නවක සිසුන් ලියාපදිංචි කටයුතු සිදුවේ මීට සමගාමීව රුහුණ විශ්වද්‍යාලයේත් එහි වැල්ලමඩම පරිශ‍්‍රයේදී එම ලියාපදිංචි කටයුතු සිදු වේ.ඒ පිළිබඳ මෙවැනි සටහනක් තබන්නට අපට සිත් වූයේ එම ලියාදිංචි කටයුතු සඳහා තම දරුවා කැඳවාගෙන ආ දෙමාපියන් අපට කළ අදහස් දැක්වීම නිසාවෙනි.
අදාල ලියාපදිංචි කටයුතු සඳහා දිවයිනේ නන් දෙසින් මොවුන් පැමිණ සිටි අතර මොවුන්ට තිබූ ප‍්‍රධාන ගැටලූව වූයේ එක් දිනක මෙවැනි කටයුතුත්තක් සඳහා විශාල වශයෙන් මුදලක් වියදම් කර පැමිනෙන්නට සිදු වීමෙන් ඔවුන් මුහුණ දී ඇති අපහසුතාවයි. විශේෂයෙන් එක් මවක් සඳහන් කළේ තම දියණිය සඳහා නායකත්ව පුහුණුව යැයි කියා ගන්නා හමුදා කඳවුරු පුහුණුවට රු 30000ක පමණ මුදලක් වියදම් වී ඇති තත්ත්වයක් තුළ මෙහි පැමිනීමට මුදල් සොයා ගැනීම ඉතා අපහසු වූ බවයි.මෙතරම් ජාත්‍යන්තර කතන්දර කියන ආණ්ඩුවට අඩුම තරමින් සිසුන් ලියාපදිංචිය කියා පෝරම කට්ටලයක් ලබා ගැනීමට ඈත පිටිසර සිට දහස් ගනන් වියදම් කර පැමිනෙන්නට සිදුවන අපහසුතාවයට පිළියමක් සෙවීමට නුවන පහළ නොවීම එක් අතකට පුදුමයක් ද නොවේ.ඒ මේ කයිවාරුකාර ආණ්ඩුවේ හැටිය.මෙහිදී අපට එන අනෙක් ප‍්‍රශ්නය නම් සරසවිවලට බඳවාගන්නවා යැයි කියන විදෙස් සිසුන් සඳහාත් ලියාපදිංචිය සිදු කරන්නේ මෙවැනිම ග‍්‍රාම්‍ය ආකාරයටද යන්නය.එය එසේ නම් එම සිසුන්ටත් ලංකාවේ සරසවිවල ජාත්‍යන්තර මට්ටම පිළිබඳ අදහසක් ලබා ගැනීමට එයම ප‍්‍රමාණවත් වනු ඇත.