සුසන්ත බණ්ඩාර සැමරුම් දෙවන දිනයටත්...
පසුගිය වසරේ රුහුණ සරසවි නේවාසිකාර අරගලයේදී දිවි පිඳු මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලැබූ සුසන්ත අරුණ බණ්ඩාර සොයුරා සිහි කරමින් 2011.07.25 දින රුහුණ සරසවි විරු සිසු ස්මාරකය අභියස සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණි.
ඒ සඳහා සහභාගී වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සොයුරා ඇතුලූ විශ්වවිද්‍යාලයේ සිසුන් සුසන්තගේ ඡායාරූපයට පුෂ්ප උපහාර දක්වමින් සැමරුම ආරම්භ කළ අතර එහිදී අදහස් දැක්වූ සංජීව බණ්ඩාර සොයුරා සඳහන් කළේ සුසන්ත ඇතුලූ දිවි පිඳු සටන් සගයන්ගේ අධ්‍යාත්මයෙන් අප පාඩම් ඉගෙනගත යුතු බවත්, වර්තමාන රාජපක්ෂ පාලනයේ බලහත්කාරය විසින් නිදි ගන්වා තිබූ සමාජය සුසන්තලාගේ කැපකිරීම් මතින් නිදි ගැට හැර අවදිවීමට ධෛර්ය ගනිමින් සිටින බවත්ය.අද වන විට නිදහස් අධ්‍යාපන මුහුණ පා ඇති අර්බුදය ජයග‍්‍රහණය කිරීමට සියලූ සරසවි සිසුන් පෙළ ගැසෙමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.මෙම සැමරුම සංවිධානය කර තිබුනේ රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් වන අතර මේ සඳහා සිසුන් විශාල පිරිසක්ද සහභාගී වී සිටියහ.