නුඹ විරුවෙක්ය පණ සටනට මුදා හළ . . .
‘‘හොඳ දෙයක් වෙනුවට හොඳ දෙයක් කිරීමට ඕනෑම අයෙකුට පුළුවන නමුත් නරක දෙයක් වෙනුවට හොඳ දෙයක් කළ හැක්කේ අධිෂ්ඨානශීලී මිනිසුන්ට පමණි’’ මීට හරියටම වසරකට පෙර 2010-07-23 දින රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් දියත්කර නේවාසිකාගාර අරගලයේ දී නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවිදුන් රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ ඉගෙනුම ලැබූ සුසන්ත අරුණ බණ්ඩාර සොයුරා සිහිපත් කරමින්,
අද දින(2011.07.24)රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් එහි සියලූම පීඨයන් දායක කරගනිමින් කැකනදුර ‘‘ඔබ මම’’ ළමා ගම්මානය වෙත ද්‍රව්‍ය අධාර පරිත්‍යාගයක් සිදු කරන ලදී. මෙම අවස්ථාවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නියෝජනය කරමින් එහි කැඳවුම්කරු සංජීව බණ්ඩාර සොයුරාද සහභාගී විය.
මෙහිදී මේ අවස්ථාවට සහභාගී වූ පිරිස පිළිගනිමින් අදහස් දැක්වූ ඔබ මම ළමා ගම්මානයේ පාලිකා චන්ද්‍රිකා මහත්මිය සඳහන් කළේ තමන්ගේ පමණක් නොව අනුන්ගේද අධ්‍යාපන අයිතිය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ සුසන්ත බණ්ඩාර අද සමාජයට ආදර්ශයක් බවයි. තවද මෙහිදී අදහස් දැක්වූ රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නන්දික ගුණසේකර සොයුරා කියා සිටියේ. පටු ආත්මාර්ථකාමී උවමනා වෙනුවෙන් එකා පසු පස එකා හඹා යන සමාජයක සුසන්ත බණ්ඩාර සොයුර මෙම සමාජයට ප‍්‍රබල ආදර්ශයක් සපයා දී ඇති බවයි. තවදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ අදවන විට දරුවන් සිය දෙමාපියන්ගේ පමණක් වස්තුවක් වී ඇති බවත් නමුත් ළමුන් යනු සමාජයක පොදු වස්තුවක් විය යුතු බවත්ය. මේ සමාජය ළමුන් සමාජීය සම්පතක් ලෙස පිළිගන්නාතාක් මේ සමාජය ඉදිරියට නොයන බවත් ඔහු ප‍්‍රකාශ කළේය. අවසන් වශයෙන් ඔහු ප‍්‍රකාශ කළේ සුසන්ත සොයුරාට තවම මේ සමාජයේ යුක්තිය ඉටු වී නැති බවත් වත්මන් පාලකයන්ගෙන් කවදාවත් ඔහුට යුක්තියක් ඉටු වේ යැයි විශ්වාස නොකරන බවත් නමුත් සුසන්ත පමණක් නොව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි පුද කළ සියලූ විරුවන්ට යුක්තිය ඉටු වන දිනයක් අනාගතයේ උදා වන බවත් ඒ වෙනුවෙන් වූ අරගලය මර්ධනයෙන් කිසිදා යටපත් කළ නොහැකි බවත්ය.
මෙහිදී සිසුන් විසින් පරිත්‍යාග කළ ද්‍රව්‍යාධාර අතර අල්මාරි, ප‍්‍රථමාධාර සඳහා භාවිතා කරන බෙහෙත් ද්‍රව්‍ය හා සබන් දත්බෙහෙත් ආදී සනීපාරක්ෂක ද්‍රව්‍ය ද විය.