රුහුණ සරසවි පරිපාලන හා අනධ්‍යයන සේවක එකමුතුව උද්ඝෝෂණයක.

රුහුණ සරසවි පරිපාලන හා අනධ්‍යයන සේවක එකමුතුව විසින් අද දින එනම් 2011/09/07 දවහල් උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානයකර තිබුණි.
සරසවි පද්ධතිය පුරාම පරිපාලන හා අනධ්‍යයන සේවකයන්ගෙ වැටුප් විෂමතාවයන් හා ඒ සා කරුණු රාශියක් නිසා දැඩි ලෙස පීඩාවට පත්ව සිටින සරසවි පරිපාලන හා අනධ්‍යයන සේවකයන් අද දින උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරතව ඇති බව වාර්තා වේ. වැටුප් ප‍්‍රශ්නයත් එම ගැටලූව හමුවේ විශ්වවිද්‍යාල පරිපාලන කොමිෂන් සභාවේ ඇල්මැරුණු කි‍්‍රයාකලාපයත් හමුවේ සරසවි පරිපාලන හා අනධ්‍යයන සේවකයන් දැඩි සහෝදරත්වයත්වයෙන් යුතුව එකාවන්ව අත්වැල් බැදගෙන තම වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා පෙළගැසි සිටිනු දක්නට ලැබුනි. මෙහිදි ඔවුන් ප‍්‍රකාශකර සිටියේ තම අයිතිවාසිකම් වලට එල්ලවී ඇති අභියෝගයන් ඉදිරියේ නොසැලි සටන් කරන බවත්,බලධාරීන් තමාන් මුහුණ දෙන ගැටලූ විසදිමට කටයුතු කරන තුරු තම අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙනයන බවත්ය.