පෞද්ගලික උපාධි කඩ වලට අවසර දීමට එරෙහිව රුහුණේ සිසුන් වීදි බසී...

රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් 2011/09/05 දින මාලඹේ පෞද්ගලීක වෛද්‍ය විද්‍යාලය ඇතුලූ ආණුඩුවේ අධ්‍යාපන සංහාරයට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කරන ලදි.
ආණ්ඩුව තම ආර්ථික නොහැකියාව හමුවේ රටේ ජනතාවට බොරු සංවර්ධනයක් මවාපාමින් අධ්‍යාපනය විකිණීමට කටයුතු කර ඇති බව එහිදි එම උද්ඝෝෂණයට සහභාගී වු සිසුන් පවසා සිටියේය.එහිදි අදහස් දැක්වු මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නන්දික ගුණසේකර සහෝදරයා පවසා සිටියේ ආණ්ඩුව අධ්‍යාපනය විකිණිම උදෙසා දැවැන්ත උත්සහයක නිරතව ඇති බවත්,ඒ සඳහා ආණ්ඩුව මේ වන විට ඉදිරි පියවර කිහිපයක් කිසිදු පැකිලීමකින් තොරව තබා ඇති බවත්ය.වර්ථමානය වන විට වෛද්‍ය උපාධි පවා ආණ්ඩුව විකිණීමට කටයුතු කිරීම යුගයේ කේදවාචකයක් බව පවසා සිටියේය.ආණ්ඩුව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් මාලඹේ වෛද්‍ය විද්‍යාලයට උපාධි ප‍්‍රදානය කිරීමේ අයිතිය ප‍්‍රධානය කිරීම හරහා අධ්‍යාපන අයිතිය මුදල් මත තීරණය කිරීමට අවස්ථාව ලබා දීම සුවහසක් මිනිසුන් ගේ අයීතීන් උල්ලංඝණය කිරීමක් බවද සදහන් කර සිටියේය.මෙයට අමතරව ආණ්ඩුව රාජ්‍ය විශ්වවිද්‍යාලව උපාධිය පවා මුදලට විකුණන බවත් ඒ මගින්ද ආණ්ඩුව අධ්‍යාපනය ලභා උපයන වෙළෙදපල අවස්ථාක් කරගන්නට ප‍්‍රයත්න දරන බවත් සදහන්කර සිටියේය.කෙසේ වෙතත් ආණ්ඩුව විසින් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට ගන්නා වු සෑම උත්සහයක්ම පරාජය කිරීමට නොපැකිලීව ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරිපත්වන බව පවසා සිටියේය.