නිදහස් අධ්‍යාපනය රැක ගැනිම උදෙසා පෙළ ගැසෙමු.
වර්තමානය වන විට ජාතික සරසවි පද්ධතිය තුළ උද්ගතව ඇති අර්බුදකාරි ත්ත්වය පිළිබදව රටේ ජනතාව දැනුවත් කිරීම ඔබගේත්, මගේත් වගකීම වේ. එම වගකීම ඉටු කරනු වස් දැනුවත්ව කඩිනමින් පෙරට ඒමට පමා නොවිය යුතුය. ජනතාව දැනුවත්කර සරසවි පද්ධතිය රැුකගැනීම සඳහාත්, උපාධිය රැක ගැනීම සදහාත් එකාවන්ව පෙළ ගැසෙමු.
ඔබ සරසවියට පැමිණ මේ වන විට ගතව ඇති කාලය වසර හතරක්, තුනක්, දෙකක්, එකක් හෝ මාස කිහිපයක් විය හැකිය. මෙසේ සරසවි පැමිණි ඔබ මෙම තත්ත්වයට ඔසවා තැබූ ඔබගේ මා පියන් ඇතුලූ සහෘදයන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමේ, රටට සේවය කිරීමේ වගකීමක් ඔබට පැවැරි ඇතැයි අපි තරයේ විශ්වාස කරන්නෙමු. ඒ සඳහා සරසවි සිසුවකු ලෙස ඔබට මෙන්ම අනාගත පරපුරට නිදහස් අධ්‍යාපනය ලබා ගැනිමේ ඉඩ කඩ මහගු පිටුවහලක් වනු නියතය. එහෙත්, වර්තමානය වන විට අප ආදරය කරන සරසවි පද්ධතිය පත්කර ඇත්තෙ කවර තත්ත්වයකට ද? යන්න පිළිබදව සොයාබැලිය යුතුය.
ඒකීය රටක අරුණලූ දැකීම උදෙසා දහඩිය ශ‍්‍රමය කැපකළ, තමන්ගෙ ජීවන තත්ත්වය පිළිබඳ ගැටළු පසෙක තැබු සුවහසක් මින්සුන්ගේ බලාපොරොත්තුව වුයේ යුද්ධයෙන් පසු රටට සෞභාග්‍ය උදාවීම යැයි අප විශ්වාස කරන්නෙමු. වත්මන් ආණ්ඩුව ද යුද්ධයෙන් පසුව එන ලෝකය පිළිබදව ජනතාව තුළ මහත් බලාපොරොත්තු නිර්මාණය කළේය. සෞභාග්‍ය උදෙසා පොරොන්දු දුන්නේය. යුද්ධය අවසන්ව වසර දෙකක් ගතව ඇති මේ මොහොත දක්වාම ඒ පොරොන්දු ඔබ, මා ජීවත්කරවීය. නමුත් වර්තමානය වන විට එය පුස්සක්ව ඇත. මන්ද රටේ බුද්ධිමත් ප‍්‍රජාව ලෙස සලකන සරසවි ඇදුරන්ට ද ආණ්ඩුව සලකන්නෙ ඉතා නින්දිත ලෙසය. ඔවුන්ට යුක්ති සහගත රැකියා පරිසරයක් නිර්මාණය කරදීමට ආණ්ඩුව අසමත්ව ඇත. මෙතරම් ආණ්ඩුවේ හැල්ලූවට ලක්වෙම්න් ආචාර්යවරු තවමත් ජාතික සරසවි පද්ධතියතුළ රැදි සිටින්නේ සුවහසක් ශිෂ්‍ය ප‍්‍රජාවගේ අනාගතය උදෙසා නොවේද?
ආචාර්යවරුන්ගේ මෙම අරගලය හුදෙක් වැටුප් අරගලයක් ලෙස හුවාදැක්වීම කිසිසෙත්ම සුදුසු නොවේ. එය ඉළක්කන් හරඹයකින් ගණනය කළ නොහැකි සමාජමය ගැටළුවකි. ආචාර්යවරුන්ගේ සාධාරණ ඉල්ලීම් ලබා දීමට නම් ආණ්ඩුවට අධ්‍යාපනය සම්බන්ධයෙන් ඍජු තීරණයන් කිහිපයක් ගත යුතුව තිබේ. අධ්‍යාපනය උදෙසා ආණ්ඩුව වෙන්කරන ප‍්‍රතිපාදන අනිවාර්යයෙන්ම ඉහළ දැමිය යුතුය. ලොව දුප්පත්ම රටක් ලෙස සලකන ඉතියෝපියාව ද අධ්‍යාපනය සඳහා දළ දේශිය නිෂ්පාදිතයෙන් 4.1% ක් වෙන්කරයි. නමුත් අප රටේ බලධාරීන් අධ්‍යාපනයට වෙන් කරන්නෙ 2.1 % තරම් සුලූ ප‍්‍රතිශතයකි. ආචාර්යවරුන් ඉල්ලා සිටින්නේ අධ්‍යාපනය සදහා 6% ක ප‍්‍රතිශතයකි. මෙය ආණ්ඩුවට ඉතා පහසුවෙන්ම ලබා දිය හැකිය. ඒ සදහා අනිවාර්යෙන්ම ආණ්ඩුවේ ආයතනවල දුෂණ, වංචා වලක්වාගත යුතුය. ආණුඩුවේ සංදර්ශන වියදම් අඩුකළ යුතුය. පාඩු ලබන රාජ්‍ය ආයතනවල ව්‍යුහය ලාභ ලබන තත්ත්වයට වෙනස්කළ යුතුය. ආණ්ඩුවට මෙම ප‍්‍රතිපත්තිමය තිරණ අනිවාර්යෙන්ම ගත යුතුය. එසේ නොමැතිව චන්ඩිපාට්වලින් හෝ නිග‍්‍රහ කිරීම් මගින් අධ්‍යාපනයේ උන්නතිය උදෙසා දිග හැරෙන මෙම සටන් මැඩලීමට නොහැකිබව ආණ්ඩුව තෙරුම්ගත යුතුය.
සරසවි ආචාර්යවරුන් යනු මේ රටේ බුද්ධිමත් ප‍්‍රජාවක් ලෙස සැලකිය යුතු කොටසකි. ඔවුන්ගේ බුද්ධියෙන් ප‍්‍රයෝජන ගැනීමට පවතින ඕනෑම ආණ්ඩුවක් දක්‍ෂ විය යුතුය. ප‍්‍රතිපත්ති සම්පාදනයට ඔවුන්ගේ දැනුම යොදාගත හැකිය. මේ සියල්ලට අමතරව උපාධිධාරීන් බිහි කිරීමට ඔවුන්ගෙ සේවය යොදාගත යුතුය. ඒ සදහා යුක්තිගරුක රැකියා පරිසරයක් ගොඩනැගිමේ වගකීම ඇත්තේ උසස් අධ්‍යාපන බලධාරීන්ටය. වර්තමානයේ බලධාරීන් එම සමාජීය වගකීම ඉටු කරන්නේ ද? අප ඉදිරියේ ඇති ප‍්‍රශ්නය එයයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලෙස සරසවිවල ඉගැන්වීම නොමැති නම්, විදේශීය ආයතන වල ඉහළ වැටුපකට සේවයට යා හැකි බව ඔබට අමුතුවෙන් මතක් කළ යුතු නොවේ. නමුත් සිසුන් ලෙස අපට මෙවැනි විකල්පයක් උපාධිය ලබා ගැනීම සඳහා පවතී ද? අප ඉදිරියේ ඇති සැබෑ අභියෝගය වන්නෙ එය නොවේ ද?
ආදරණීය අම්මේ තාත්තේ, දයාබර සහෝදරයා සහෝදරිය, අද ආචාර්යවරු අරගල කරති. හෙට මෙම සමාජීය සටනට වෘත්තීය සමිති, මාධ්‍ය සංවිධාන මෙන්ම ශිෂ්‍ය සංගම්ද එක් වන්නට සුදානම්ය. මෙවැනි වු කි‍්‍රයාවලියක් තුළ ආණ්ඩුව ගන්නාවු කි‍්‍රයාමාර්ග සුළු කොට තැකිය යුතු නොවේ. ජාතික සරසවි පද්ධතියම හෝ වසා දැමුවත් ආණ්ඩුවට එය අදාලම නොවන කරුණක් විය හැකිය. මන්ද උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගේ, ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය විනාශකරන, පෞද්ගලික විශ්වවිද්‍යාල නැමති න්‍යාය පත‍්‍රය කි‍්‍රයාත්මක කිරීමට සරසවි ප‍්‍රජාවම බාධාවක් වන බැවිනි. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ දැනට රැුදි සිටින ආචාර්යවරුන් පෞද්ගලික උපාධි කඩවලට බිලිබා ගන්නට මුදලාලීලාට සේවය කරන අධ්‍යාපන බලධාරීන් සුදානම්ය.
විදුලි සේවකයන්ගේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් සමස්ත සමාජයටම ක්‍ෂණිකව දැනේ මන්ද රටටම විදුලිය ඇණ හිටින බැවිනි, ලිපි නිවසට නොලැබෙන නිසා තැපැල් සේවකයන්ගේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයද අපට ක්‍ෂණිකව දැනේ, නමුත් ආචාර්යවරුන්ගේ වෘත්තීය කි‍්‍රයාමාර්ගය එසේ නොවේ. එය තවමත් ඔබට නොදැනෙනවා ඇත. නමුත් අණ්ඩුව ආචාර්යවරුන්ට අවමන් කිරීම හරහා සෙල්ලම් කරන්නේ සරසවි සිසුන්ගේ සුවහසක් බලාපොරොත්තු සමග නොවේ ද?
ඔබ සියලූම දෙනාගේ බලාපොරොත්තුව වන්නෙ නැවත සරසවිය යතා තත්ත්වයට පත්කර ගැනීමය. නමුත් තවමත් ආණ්ඩුවට ආචාර්යවරුන්ගෙ ඉල්ලීම් ලබා දෙන්නට උවමනාවක් නැත. ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය ආරක්‍ෂාකර ගැනීමට ආචාර්යවරු අද වීදියේ සටන් කරන්නේය. සිසුන් ලෙස ද අප පසුගිය කාලය පුරාවටම සටන් කෙළෙමු. අද ද සටන් කරන්නේය. හෙටත් එසේමය.
අපි අධ්‍යාපන බලධාරින් සමග සාකච්ඡා කෙළෙමු. පුවත්පත්වල පිටු ගණන් ලීවෙමු. රූපවාහිනි ගුවන් විදුලි වැඩ සටහන්වලදී අධ්‍යාපනය සම්බන්ධ ගැටලූ ඉදිරිපත් කළෙමු. ඉල්ලීම් කළෙමු. වීදියේ සටන් කළෙමු. පීඨයට කියා නාම පුවරුවක් ඇති පීඨ සදහා පීඨ සංකීර්ණ ගොඩ නගන ලෙසත්, ආචාර්යවරුන් ලබා දෙන ලෙසත්, පහසුකම් වැඩිකරන ලෙසත්, මහපොළ හා ශිෂ්‍යධාර රු.1500.00 කින් වැඩිකරන ලෙසත් ඉල්ලා අපි සටන් කළෙමු.
ආණ්ඩුව එයට පිළිතුරු දුන්නේ ශිෂ්‍ය මර්දනයෙනි, උපාධිය ලබා ගැනීමට පැමිණි සිසුන් හිරගෙට ගාල් කරමිනි. පන්ති තහනම් කොට ශිෂ්‍ය භාවය අහෝසි කරමිනි, පොලිස් බැටන් පොල්ලෙන්, පෑන් පහරින් සිසු ජීවිත බිල්ලට දෙමිනි. ආණ්ඩුවේ මාධ්‍යයට අනුව සටන් කරන සරසවි සිසුන් දේශද්‍රොහීන් ය. කාලකන්නීන්ය. ඇමැතිවරයාට අනුව නම් ගංජාකාරයන්ය. අද ආචාර්යවරුන් වීදියේ සටන් කරන්නේය. ඇමැතිතුමාට අනුව ආචාර්යවරු සරසවි තුළ ගංජාකාරයන් බිහිකරයි. විටෙක ආචාර්යවරු දරුස්මාන්ගේ නියෝජිතයන්ය. ආණ්ඩු පෙරළන්නට උත්සහකරන ජෙ.වි.පි. කාරයෝය.
මෙලෙස පාලකයින් නිග‍්‍රහ කරනු ලබන්නේ මේ රටේ බුද්ධිමත් ප‍්‍රජාවටය. ආණ්ඩුවේ මෙම නොමනා හැසිරීම නිසා අධ්‍යාපනය යන්නේ වලපල්ලටය. මෙම තත්ත්වය හමුවේ ආචාර්යවරුන්ගේ අරගලය දිනවීම හරහා සුවහසක් මිනිසුන්ගෙ අයිතිවාසිකම් දිනාගත යුතුය. ඒ හරහා ජාතික විශ්වවිද්‍යාල පද්ධතියත්, ආචාර්යවරුන්ගෙ වෘත්තීය ගරුත්වයත්, සරසවි සිසුන් ලෙස අපගේ උපාධියත් එයට හිමි සමාජීය අගයත්, රැකගැනීම උදෙසා දැනුවත්ව, එකමුතුව පෙළගැසෙන මෙන් ඔබ සියලූ දෙනාගෙන්ම ඉල්ලා සිටින්නෙමු.