මර්දනයට එරෙහිව බුද්ධශ්‍රාවක භික්ෂුවක් උපවාසයක.

බුද්ධශ‍්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන වැලිපිටියේ බුද්ධසිරි හිමියෝ මේ වන විට විශ්වවිද්‍යාලය ඉදිරිපිට උපවාසයක නිරතව සිටි.එයට හේතුවී ඇත්තේ විශ්වවිද්‍යාල පාලන අධිකාරිය විසින් කිසිදු හේතුවකින් තොරව උන්වහන්සේගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට කටයුතු කිරීමයි.
''මේ පිළිබඳව අදහස් දැක්වූ සංජීව බණ්ඩාර සහෝදරයා''
බුද්ධශ‍්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ දී මෙවැනි අත්තනෝමතික ලෙස පංති තහනම් කිරීම් මීට පෙරද දිගින් දිගටම සිදු වුණා.ඒ අනුව පසුගිය මාස 4ක කාලය තුළ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 48 නමකගේ ශිෂ්‍ය භාවය අහෝසි කල අතර මෙම සියලූ පංති තහනම් කිරීම් පදනම් විරහිත අභූත චෝදනා නගා සිදුකර ඇති අතර මීට මාස 3කට පෙර කටුකෙන්දේ සිරි සුනන්ද හිමියන් සියදිවි හානිකර ගනු ලැබුවේ ද අත්තනෝමතික ලෙස සිදුකළ මෙවැනි විභාග අත්හිටුවීමක් හේතුවෙන්.එපමණක්ද නොවේ මේ වන විට විශ්වවිද්‍යාල පරිපාලනය සරසවිය තුළ ප‍්‍රජාත‍්‍රන්තවාදය මුළුමනින් අහෝසිකර තරුණ භික්ෂූන් වහන්සේලාට එරෙහිව ඉතා දරුණු ප‍්‍රචණ්ඩ මර්දනයක් දියත් කරමින් සිටිනවා.එය කොතෙක්දයත් පෝස්ටරයක් ඇලවීමට දෙතුන් දෙනකු එක්ව සාකච්ඡුුා කිරීමට බවද භික්ෂූන් වහන්සේලාට සිය උපාධිය අහිමි වීමට තරම් වරදක් වී තිබෙනවා.
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස මෙම බුද්ධශ‍්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ භික්ෂූන් වහන්සේලාට එරෙහිව දියත්කරන මිලේච්ඡ මර්දනය දැඩිලෙස හෙළාදකින අතර,බුද්ධසිරි හිමියන් විසින් ආරම්භ කර ඇති උපවාසයට අපගේ පූර්ණ සහයෝගය පළකර සිටිනවා.