අපේ ඉරණම තීරණය කිරීමේ අයිතිය වෙනුවෙන් අපි සටන් කරනවා...
(අන්තරේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර)
‘‘පසුගිය කාලය පුරාවටම මේ සමාජ ක‍්‍රමය විසින් අපේ ඉරණම තීරණය කිරීමේ වගකීම එක එක අයට භාරදීල තියෙනවා.බලයේ ඉන්න පන්තිය තමයි දිගින් දිගටම අපි අඳින්නෙ මොණවාද කන්නෙ මොණවාද අපි ගෙවල් හදන්නෙ කොහොමද අපි ආදරේ කරන්නෙ කොහොමද කියන මේ සියලූ දේ පිළිබඳ තීරණ ගත්තෙ.
මේක ඉතිහාසයේ ඉඳලම පන්ති සමාජය බිහිවෙච්චදා ඉඳලම සිදු වෙච්ච දෙයක්.අද අපේ රටේ තත්ත්වයත් මීට වෙනස් නෑ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ විධියට මේ ගැන අපේ ලගම උදාහරණය තමයි විශ්වවිද්‍යාල ප‍්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ට ලබා දෙන හමුදා පුහුණුව.අපි කියන්නෙ අපේ ඉරණම තීරණය කරන අයිතිය අපිට තියෙන්න ඕන කියලා.ශිෂ්‍ය ව්‍යාපාරය දිගින් දිගටම සටන් කළේ මේ රටේ ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය පිළිබඳ ඉරණම තීරණය කිරීමේ අයිතිය අපෙන් සහ අපේ අම්මලා තාත්තලාගෙන් පැභරගෙන ඒක අපේ අම්මට තාත්තට තියෙන මුදල් ප‍්‍රමාණය මත තීරණය වෙන එක වලක්වන්න.මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයේ ඉරණම මුදල් මත තීරණය වෙන එකට අපි විරුද්ධයි.අපි ඒ වෙනුවෙන් එදත් අදත් මතුවටත් සටන් කරනවා ඒක නවත්වන්න කාටවත් බෑ.අපිට කියන්න තියෙන්නේ ඉතිහාසයෙත් අදත් හෙටත් මතුවටත් සිදුවෙන්නේ අපේ ඉරණම වෙනස් වීම නොව අපගේ ඉරණම වෙනස් කරන්න ගිය අයගේ ඉරණම වෙනස් වීමයි.ඒ නිසා වත්මන් උසස් අධ්‍යාපන ඇමති ඇතුලූ ආණ්ඩුවට අපි කියන්නේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නා ලෙසයි...’’

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සොයුරා මෙසේ ප‍්‍රකාශ කළේ රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යාපීඨයේත් කළමණාකරණ හා මුල්‍ය පීඨයේත් නවක සිසුන් සඳහා පැවැත්වු නවක සාදයේදීය.මෙයට විශ්වවිද්‍යාලයේ පීඨාපතිවරුන් අචාර්යවරුන් ඇතුලූ විශාල සිසුන් පිරිසක් සහභාගී වූ අතර ඊයේ දිනය පුරාවට විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ‍්‍රයේ දී අදාල සංස්කෘතික උත්සවය පැවැත්වුනි.