දකින,නොකියන කතාවක්,
මේ කතාව.අපි වෙනුවෙන් අපි තේ කඬේ ගැන.එකොමත්එක රටක තිබුණා මාතර කියල නගරයක් මේ නගරය බොහෝම ලස්සනයි.ලස්සන මුහුදු වෙරළක් ආසන්නයේ තමයි මේ නගරෙ පිහිටලා තිබුනෙ,මේ නගරෙ ලස්සන වැඩි වෙන්න ප‍්‍රධාන හේතුවක් වෙලා තිබුනෙ වෙරළින් මීටර 200 පමණ මුහුද දෙසට වන්නට පිහිටි පුංචි ඳූපත මේකට මිනිස්සු කිව්වෙ පරෙවි ඳූපත කියල.
මේකෙ පන්සලකුත් තියෙනවා.අපේ කතාවට පාදක වූ පුංචි තේ කඬේ පිහිටලා තිබුනෙ මේ ඳූපතට ඇතුල්වෙන්න සාදා ඇති පාලමට දකුණු පසින්මේ තේ කඬේ විශේෂය තමයි සාමාන්‍යයෙන් මේ රටේ බඩු මිල වැඩි නිසා තේ එකක මිල රුපියල් 10 යි ඉතින් මේ නගරෙ ඉන්න දුප්පත් මිනිස්සු ගොඩක් පුරුදුවෙලා හිටිය මේ කඩෙන් තේ භාගෙ බොන්න තේ භාගය රුපියල් පහයි ඉතින් දුප්පත් මිනිස්සු වගේම ගොඩක් මිනිස්සු මෙතනින් තේ එකක් බොන්න බුලත් විටක් කන්න පුරුදුවෙලා හිටියා.ඒ එක්කම ඒ අසලම මේ රටේ තිබුන යුද්දෙදි දිවි පිඳූ විරුවන් සිහි කරන්න දෑතින්ම ගිනි අවිය දරාගත් අභිමානවත් රණවිරු ස්මාර්කයකුත් තිබුනා,බස් නැවතුම තිබුනේත් මේ ආසන්නයේමයි.මේ නගරේ ගැන තව කියනවානම් මේ නගරෙ තව පාලමක් තිබුන සමරවීර පාලම කියලා.
ඉතින් එකොමත් එක නරක දවසක මේ නගරයට සුනාමි උදම් රළ ඇවිත් විශාල විනාශයක් උනා මේ උදම් රළ පහරින් මුහුදු වෙරළේ ආසන්නයේ තිබුනු ගොඩනැගිලි මෙන්ම නගරයේ මිනිස් ජීවිතද විශාල ගනනක් විනාශයට පත්වුනා කොහොම වුනත් කාලය ගතවෙද්දි නැවතත් මේ නගරය නැවත ගොඩනැගෙන්න පටන් ගත්තා.
මේ අතර මේ රටේ රජ්ජුරුවො වෙනස් උනා,මේ අලූත් රජු පත්කරගන්න තිබුනු මැතිවරණයේදි අපි කලින් කතා කරපු දුප්පත් තේ කඩ වෙළෙන්දත් ඡන්දය දුන්නේ මේ අලූත් රජතුමාට මොකද එයා හිතුව රජතුමාත් ගමේ මනුස්සයෙක් නිසා අඩුම තරමින් එතුමා බලයට පත්වුනාම මොනා නැතත් තමන් කරන වෙළදාම හරි තමන්ගෙ පාඩුවේ කරගෙන යන්න පුලූවන් වටපිටාවක් හදලා දෙයි කියලා.
ඉතින් හිතපු විධියටම රජතුමා ඡන්දෙනම් දිනුවා.ඔන්න ඊට පස්සෙ රජතුමා රට සංවර්ධනය කොරන්න පටන් ගත්තා,හැදුව පාලම,බොහෝම ලස්සනයි.හැබැයි කලින් තිබ්බ නමේ මොකක්හරි ඝන දෝශයක් තිබුණා යැයි කියා හෝ මේ නම තියෙන තවත් අය ඉන්නනිසා හෝ කුමන හෝ හේතුවක් නිසා සමරවීර පාලම මහානාම පාලම උනා.අර අපි කලින් කියපු පරෙවි ඳූපත රන් ඳූව උනා මේ රටේ එහෙම තමයි මොකක් හරි හදලා ඒකට රජ නමක් දාන්න ඕන හේතුව මේ රජවරු හරි කැමතියි අශ්චර්යමත්දේවල් කරන්න සමහරවිට මේ නම් තියෙන විධියට මෙයාලගෙ අදහසක් තියෙන්වද දන්නෑ ලෝකේ එකම නම තියෙන වැඩිම ගොඩනැගිලි ගනනක් අති රට බවට මේ රට පත් කරන්න ඒ සඳහා අනාගතයේදී අලූතින් හදන වැසිකිලි වලටත් මේ නම දාන්න බැරි නෑ.පවුනෙ ඉතින් කාගෙ උනත් ආසාවනේ කියලා මේ රටේ මිනිස්සු ඒක එච්චර ගනන්ගත්තෙ නෑ.
නමුත් ඔන්න ඔය අතර ඒ විධියට ගනන් නොගෙන ඉන්න බැරි දෙයක් සිද්ධ වුනා.
ඒ තමයි එක දවසක අර ඳූපතට ඇතුල් වෙන තැන තිබුණ රණවිරු ස්මාරකෙ අතුරුදහන් වෙලා තිබුණා නමුත් යුද්දයෙන් පසුව මේ රටේ එළඹුන සංවර්ධන යුගයේදී නැවතත් ස්මාර්කයක් හැදුව හැබැයි එතකොට ස්මාර්කෙ වගේම තව බොහෝ දේ වෙනස් උනා.අලූත් ස්මාර්කෙ ගිනි අවිය එක් අතකට ගත්ත අනෙක් අත නිදහස් වෙච්ච සොල්දාදුවෙක් තමා ස්මාරකෙ විධියට ඉදිවුනේ කලින් ඒකෙ තිබුනු අභිමානෙ නැතිවෙලා තිබුනා.ඒ අතර වෙච්ච අනෙක් වෙනස තමයි ඊට කලින් ඒ අසල තිබූ තේ කඬේ එතනින් අතුරුදහන් වීම.ස්මාරකෙ හිටපු සොල්දාදුවාගෙ නිදහස් අත දිගු වෙලා තිබුනෙ අර කලින් තේ කඬේ තිබුනු දිහාවට හරියට සොල්දාදුව ඒ දිහාවට අත දිගු කරලා
‘‘කෝ මෙතන තිබ්බ තේ කඬේ.අපි ජීවිත පූජ කරල මේ රට රුක්කෙ මේ මිනිස්සු වෙනුවෙන්නෙ අද වෙලා තියෙන දේ බලන්න අද ඒ මිනිස්සුන් මහමගට ඇදල දාල මදිවට අද අපිට තේ විකුණන්නත් වෙලා අපි ජීවිත පූජ කලේ මේකටද?’’
කියල අහනවා වගේ අද කලින් එතන තිබ්බ තේ කඬේ වෙනුවට තියෙන්නෙ
අපි වෙනුවෙන් අපි කියන තේ කඬේ...
ඔන්න ඔහොමයි මේ රටේ සංවර්ධනය...
සුභ අනාගතයක්...