අඳුරෙන් ආලෝකය වෙත.
කොහෙටද පියඹා යන්නේ
නිදහස් මංපෙත් සොයමින්
නව හිරුගේ සොඳුරු නිවස
ඈත එපිට ක්ෂිතිජය තුළ
සැගවී ඇත්තේ...........
ඒ නව හිරු දැක ගන්නට
නව හිරු රැස් විඳගන්නට
කෙතරම් බාධා තිබුණත්
අඳුරින් ආලෝකය වෙත
2010 ජූලි 23 දින අප විශ්වවිද්‍යාලයට මෙන්ම සමස්ථ ශිෂ්‍ය ප‍්‍රජාවටම එනම් නිදහස් අධ්‍යාපනයට කළ ගුණ සැළකීමට බලාපොරොත්තු වන ශිෂ්‍ය ප‍්‍රජාවගේම නෙතට කඳුලක් එක් කරන සිදුවීමක් සිදුවිය.අපගේම සොහොයුරෙකු සිත් පිත් නැති පොලිස් මැරයන්ගේ ප‍්‍රහාරයට ලක්ව මියයාමයි.මෑත කාලීන ඉතිහාසය තුළ සරසවි තුළ සිදුවන ශිෂ්‍ය අසාධාරණ කම් සඳහා පෙනීසිටින සහෝදර ශිෂ්‍ය ප‍්‍රජාව වෙත එල්ල වූ දරුණුම මර්ධනකාරී ක‍්‍රියා පිළිවෙතෙහි ප‍්‍රතිඵලයක් ලෙස එය දැක්විය හැකිය.මෙම ජූලි 23 වන දින එම අවාසනාවන්ත සිදු වීමට වසරක කාලයක් ගතවේ.මෙම ලිපියේ ප‍්‍රධාන අරමුණ එම සිදුවීම් දාමය ගැන කියා සිටීම නොව එයින් අනාගතය සුරකින්නට හා එය ශක්තිමත්ව ඉදිරියට ජය ගැනීමට අපට ඉගෙන ගත හැකි දේවල් ගැන කියා දීමටය.ඕනෑම සමාජ තලයක සිටින්නා වූ පිරිසකට සිදුවන අසාධාරණකම් ගැන කථා කිරීමට තනි තනි වශයෙන් ඒ ඒ පුද්ගලයාට නොහැකිය.සාධාරණ වශයෙන් ගත් කළ ඕනෑම පුද්ගලයෙකු සාධාරණ ලෙස තමන්ට හිමි වරප‍්‍රසාද භුක්ති විදීමට කැමතිය. එසේ භුක්ති විඳින්නා වූ වරප‍්‍රසාද සඳහා බාධා කිරීමට හා ඉන් අනිසි ප‍්‍රයෝජන ගැනීමට කිසිවෙකුට අයිතියක් නොමැත. කිසියම් සීමාවක් දක්වා මෙම අසාධාරණකම් ඉවසා සිටියද එය සුලූ කාල සීමාවක් දක්වා පමණි.නිදහස් අධ්‍යාපනය අනාගත පරපුරෙන් උදුරා ගන්නට කටයුතු කරනා විට එය වැලක්වීමට උත්සහ දැරීම එනම් ශිෂ්‍යන් ඒ සඳහා පෙරමුණ ගෙන ක‍්‍රියා කිරීම මෙම ගිනි අවලූවන්නන් හට මහත් වූ හිසරදයකි.සුසන්ත බණ්ඩාර සොහොයුරාගේද ඉරණම ඛේදජනක ලෙස විසඳීමටද මෙම ගිනි අවුලූවන්නන් ක‍්‍රියා කරන ලදී.
අද වන විට ඕනෑම කෙනෙකු නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරනුයේ ඔවුන්ගේ යහපත ඉටු කර ගැනීමට නොව ඉදිරියට සරසවියට පැමිණීමට සිටින ආදරණීය නංගිලා මල්ලිලා වෙනුවන්ය.ඉදිරි පරම්පරාව වෙනුවෙන්ය.මෙය යුතුකම් හා වගකීම් නැමති සංකල්පය තුළ දෝලනය වන ක‍්‍රියාවලියකි. මෙතෙක් කල් ලෙයින් යකඩින් මර්ධනය කිරීමට නොදී රැකගෙන ආ නිදහස් අධ්‍යාපනය තව දුරටත් ඒ ආකාරයෙන් රැක ගැනීම අප සතු යුතුකමකි.අනාගතයේ දී එවැනි වින නැවත අධ්‍යාපනයට සිදු නොවන ලෙස පාරිසරික වටපිටාව සකස් කර දීමත් එය අනාගතයට භාර දීමත් අපගේ වගකීම ලෙස හඳුනාගත යුතුය. මෙම යුතුකම් හා වගකීම් දෙක ඉටු නොකර යන්නේ කළ ගුණ නොදන්නා සුලූ පිරිසකි.එම සුලූතරය අද සරසවි පද්ධතිය තුළ බහුතරයක් බවට පත් වීමට පටන්ගෙන ඇත.එසේ වීම ගිනි අවුලූවන්නන් හට ඉහේ මල් පිපුනා වැනිය.බුදුන් වහන්සේ බුද්ධත්වය ලබා පළමුව ලොවට දුන් ආදර්ශය වනුයේ කළගුණ සැලකීමය තමන්ට සෙවන දුන් බෝ රුක දෙස සතියක් ඇසි පිය නොහෙලා බලා සිටියහ.ඇත්ත වශයෙන්ම ගත් කළ මෙම තත්ත්වය ඇති වීමට හේතු කාරණා සොයා බැලූ කල අපට පෙනී යන කරුණක් තිබේ.නිදහස් අධ්‍යාපනයට බාධා කරන්නන්ට එරෙහිව සිදු කෙරෙන මෙම සටන් වලදී සමහර කොටසකට මෙම යථාර්තය නොතේරේ ඔවුනට එය තේරෙනුයේ අදාල සිදුවීම එම අවස්ථාවේම සිදුවුවහොත්ය.එනම් විශ්වවිද්‍යාලය තුළ පාඨමාලාවල ගුණත්වය අඩු විය යුතුය. භෞතික හා මානව සම්පත් හිග විය යතුය.දිනෙන් දින අධ්‍යාපන ක්ෂේත‍්‍රයට වැය කරන මුදල් අඩු විය යුතුය.රජයේ, නොමිලේ හැදෑරීමට තිබෙන විශ්වවිද්‍යාල පද්ධතිය වැසී යා යුතුය.එම කාරණා මේ දැන්ම සිදුවුව හොත් පමණි, මෙම කොටසට තේරෙනුයේ අපට වැරදුනා කියාය. නමුත් කනගාටුවට කරුණ නම් ඒ වන විට පෙරහැර ගොස් හමාරය. මෙම කාරණය හරියට මුහුද හත් ගව්වක් තිබියදී අමුඩ ගැසීමක් වැනිය. නමුත් එය එසේ සිදු විය යුතුය. මීට කලින් ශිෂ්‍ය අරගල වල නියතු වූවන් විසින් ගනු ලැබූ ක‍්‍රියාමාර්ග නිසා වත්මන් අප මේ ආකාරයට අධ්‍යාපනය යහපත් ආකාරයකින් භුක්තිවිඳිමින් සිටී. ඔවුන්ගේ දාඩිය දුක් සෝ සුසුම් මැදින් දහස් ගනණකගේ ජීවිත පරිත්‍යාගයෙන් රැක ගන්නා ලද නිසා (ඒ ඔවුන් අනාගතය වෙනුවෙන් වගකීම් ඉටු කළ නිසාය)අද ඔබ සහ මම මෙසේ නිදහසේ මේ සරසව්ය තුළ අධ්‍යාපනය ලබන්නෙමු. මෙම දේශන ශාලා ගොඩනැගිලි වලට පණ තිබේ නම් කෑ ගසා ඔබට පවසාවි අතීත සොහොයුරෝ කෙතරම් දේවල් කැපකර අප රැක ගත්තේද කියා. ඇත්තටම සොයුරු සොහොයුරියනි අප මේ වෙහෙසෙන්නේ අප වෙනුවෙන් නොව අනාගතය වෙනුවෙනි. අපට කලින් සිටි සොයුරු සොහොයුරියන් අනාගතය වෙනුවෙන් වෙහෙසුනු නිසා අද අප යහතින් කල් ගෙවයි.අප අනාගතය වෙනුවෙන් වෙහෙසී අනාගත උරුමක්කාරයන්ට මෙම නිදහස් අධ්‍යාපනය නිකැලැල් ලෙස භාර දීම අප සතු වගකීමකි.
ගිනි අවුලූවන්නන් අපට වඩා බලවත්ය.ඔවුන් සියල්ල සිදු කරනුයේ සිනා මුසු මුහුනින්ය.ප‍්‍රතිඵලය ලැබෙන තුරු කිසිවක් සිතා ගත නොහැකිය.මෙහි ඇති භයානක කම නම් ප‍්‍රතිඵලය ලැබුනු පසු කිසිවක් කර පලක් නොමැති නිසාය.ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවාගත නොහැකි වනසේම එසේ සිතීමද පවා දුෂ්කර කාර්යයකි.යොදුන් ගනණක් දුර ඇවිද ආවේ ද මල් මාවතක නොවේ. එසේ වූවද යා යුතු මග බොහෝ දුුරය ආදරණිය අම්මාට තාත්තාට පොරොන්දු වී ඇත්තේ, ‘‘අම්මේ තාත්තේ මම හොඳින් ඉගෙනගෙන ලොකු ලොක්කෙක් වනවා’’කියාය.සොයුරු සොයුරියනේ ඉගෙනගනු මැනව.මානව දයාව පතුරවමින්. සියල්ලන්ගේම ආදරය දිනා ගනිමින් අවංක ලෙස හදවතට එකගව ඉගෙන ගන්න.එසේම ආනාගතය දෙසද විමර්ශනාත්මක දෑස් නිරතුරුවම යොමු කරන්න ඔබගේ විමසිල්ල අනාගතය ශක්තිමත් කරනු ඇත.කව්රුත් කියන නිසාවත් කව්රුත් කරන නිසාවත් නොව තමන්ට ම හැගේ නම් කිසියම් යුතුකමක් වගකීමක් අප උර මත ඇතයි කියා එය හදවතට ධාරණය කරගෙන ක‍්‍රියා කරනු මැන සොයුරු සොයුරියනි........
‘‘ නෙක දහසක් හදවත් හී
නිල් දියවර මුදා ලන්න
යදමින් සිර කළ අකුරෙහි
යදම් කඩා බිඳ දමන්න
විරුවන්ගේ නෙක කඳුලෙහි
වටිනාකම පල දරන්න
විරුවන් බිහිවෙති නුදුරෙහි
නුඹෙ රුධිරෙහි ණය ගෙවන්න’’