අධ්‍යාපන පෞද්ගලීකරණයට, ශිෂ්‍ය සුබ සාධන පහසුකම් කප්පාඳුවට සහ ශිෂ්‍ය මර්ධනයට එරෙහි රුහුණ සිසුන් වීදිබසී...
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතුලූ පෞද්ගලික උපාධි කඩවලට හා නේවාසිකාගාර වලින් මුදල් අයකිරීමට එරෙහිව 2011.10.06 දින රහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් දැවන්ත උද්ගෝෂණයක් පවත්වන ලදී.
මේ සඳහා රුහුණ විශ්වවිද්‍යාලයට අයත් සියලූම පීඨවල සිසුන් දෙදහසකට අධික පිරිසක් සහභාගීවිය.
මෙහිදී රැස්වසිටි පිරිස අමතමින් රුහුණ විශ්විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නන්දික ගුණසේකර සහෝදරයා පවසා සිටියේ,නේවාසිකාගාර වලින් අසාධාරණ ලෙස මුදල් අයකිරීම වහා නතර කලයුතු බවත් අධ්‍යාපන පෞද්ගලීකරණය වැඩපිලිවෙල වහා හකුලාගනිමින් සිසුන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරුකරන තෙක් ශිෂ්‍ය ක්‍රියාමාර්ග අත්නොහරින බවයි.