පෞද්ගලික උපාධි කඩ වලට එරෙහිව රුහුණේ සිසුන් අදත් වීදි බසි.
පෞද්ගලික උපාධිකඩ අරඹමින්,රාජ්‍ය උපාධිය විකුණමින්,නිදහස් අධ්‍යාපනය වැනසීමේ ගමනක වත්මන් ආණ්ඩුව නිරතව සිටී.දේශීය සිසුන් 1074කට සරසවි වරම් අහිමි කර විදෙස් සිසුන්ට මුදලට උපාධිය විකිණීම,
මාලඹේ හොර උපාධි කඩයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ලබා දෙන උපාධියම ලබා දීමට කටයුතු කිරීම හරහා මෙන්ම කෝටි ගණනක් වියදම් කර නායකත්ව පුහුණු ලබා දීමේ මුවවෙන් සිදුකරන හමුදා පුහුණුව,ජනතා මුදල් විනාශ කරමින් සරසවි ආරක්ෂාව ගෝඨාගේ කුලී හමුදාවට භාරදීම පිටු පසද පවතින්නේ නිදහස් අධ්‍යාපනය වැනසීමේ කුමන්ත්‍රණයන්ය.එමෙන්ම නිදහස් අධ්‍යාපනය සුරකින බවට බොරු පොරොන්දු දුන් ආණ්ඩුව මේ වනවිට නේවාසිකාගාර වලින් කුලී අයකිරීමටද පටන්ගෙන ඇත.
එම නිසා
නිදහස් අධ්‍යාපනය වනසන සියලූ උපාධි කඩ වහා අහෝසි කරන ලෙසත්,
රාජ්‍ය උපාධිය මුදලට විකිණීම වහා නවතන ලෙසත්,
නේවාසිකාගාරවලින් කුලී අයකිරීම වහා නතර කරන ලෙසත්,
බලකරමින් රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මඟින් අද දින(2011.10.06) දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර ඇත.මේ සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ සියලූ පීඨ නියෝජනය කරමින් සිසුන් සහභාගී වීමට නියමිතය.