දෙමාපියන්ගේ දරු සෙනෙහස හා ආඩම්බරකාර ආණ්ඩුවේත් අධ්‍යාපන බලධාරීන්ගේත් දරු සෙනෙහස

දෙගුරුන් විසින් තම
දරුවන්ට දෙන උතුම් දන නම්
වියතුන් සභා මැද 
ඉන්ට ඉදිරිව ශිලිප දෙනුමැයි
මේ අපේ රටේ දෙමාපියන් එදා ඈත අතීතයේ සිට තම දරුවන් පිළිබඳ කල්පනා කළ ආකාරයයි.දෙමාපියන්ට දරුවන් යනු මේ ලොව ඇති උතුම්ම සම්පතයි.
සාතිශය බහුතර බෞද්ධයන් ජීවත් වන සමාජයක් ලෙස බෞද්ධ දර්ශනයේ සඳහන් පරිදි මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා යන මහා බ‍්‍රහ්මයා සතු ගුණාංග දරුවන් කෙරෙහි   ඕනෑම දෙමාපියෙක් තුළ ඇති වන බව කියවේ.
දෙමාපියන් ගේ දරුවන් කෙරෙහි වන ආදරය පොඩි එකා අත් දෙකෙන් උස්සා සිප ගැනීමෙන් පමණක් අවසන් වන්නේ නැත. නමුත් අද ජනමාධ්‍යන්හි අපට දක්නට ලැබෙන පරිදි ආණ්ඩුව හිතාගෙන ඉන්නේ දරුවන්ට ආදරය කිරීම යනු දකින දකින පොඩි එකා සිපගැනීමත් වහා එය ඡුායාරූප ගතකොට මධ්‍යන්හි ප‍්‍රචාරය තුළින් දරුවන්ට ආණ්ඩුවේ ඇති ආදරය ප‍්‍රකාශ වන බවත්ය. දෙමාපියන් උදේ හවා දහ දුක් වි`දිමින හරි හම්බ කරන්නේ දරුවන් වෙනුවෙනි. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙනි. හොඳම දේ දරුවන්ට යැයි ප‍්‍රකාශ කළේ ලෙනින්ය. තවදුරටත් ඔහු ප‍්‍රකාශ කළේ මොණදේට වෙන් කරන මුදල් අඩු කළත් දරුවන්ගේ අධ්‍යාපනයට වෙන්කරන මුදල් අඩු කරන්න එපා කියාය. ලෝක ඉතිහාසයේ ප‍්‍රථම වතාවට නිදහස් අධ්‍යාපනය යන්න යතාර්ථයක් බවට පත් වන රට රුසියාව බවට පත් වන්නේ ඒ නිසාය. එය නිදහස් අධ්‍යාපන පනත පිළිබඳව 1945 දී ලංකා පාර්ලිමේන්තුවේදී ඇති වූ විවාදයේදී ජේ ආර් ජයවර්ධන මහතා කළ ප‍්‍රකාශයකින්ද පැහැදිළි වේ.
 ‘‘ සැබැවින්ම සෝවියට් දේශය ගැන කතා කිරීම අවශ්‍ය නැත. එහි රජයේ අධ්‍යාපනය පවතින බව අපි දනිමු. රුසියාවේ රජවරුන් අවුරුදු 200 කට වැඩි කාලයක් තිස්සේ නොකළ දෑ ඔවුන් (බොල්ෂවික්වරුන්) අවුරුදු 20 දී කළ බව අප දනිමු. එහි රජයේ අධ්‍යාපන පවතිනවා පමණක් නොව මුලූ ලෝකයේ අන් කිසිදු රටකට වඩා අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වැය කරන රටද එය වේ. එක් පුද්ගලයකුගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔවුහු පවුම් පහකුත් සිලිං හතරක් වැය කරති. එංගලන්තය එක් පුද්ගලයෙකුට වැය කරන්නේ පවුම් දෙකකුත් සිලිං පහකුත් පමණි. දියුණුවට පත්  ඕනෑම රටක් එම දියුණුව ලබා ඇත්තේ රාජ්‍ය අධ්‍යාපනයේ ප‍්‍රථිපලයක් වශයෙනි.’’ (හැන්සාඞ් 1945/495 තීරුව)
රුසියාව එදා ලෝකයේ දැණුමේ කේන්ද්‍රස්ථානය බවට පත්වූයේ එලෙසය. නමුත් අද අපේ රට ආසියාවේ දැනුමේ කේන්දුස්ථානය බවට පත් කරනවා යැයි පාරම් බාන ආණ්ඩුව කරන්නේ දිගින් දිගමට අධ්‍යාපනයට වෙන් කරන මුදල් කපා දැමීමය. උදාහරණයක් වශයෙන් ගත් කළ අප රටේ බොහෝ දරුවන් පාසල් අධ්‍යාපනය ලබන පළාත් සභා පාසල් සඳහා 2010 දී රුපියල් මිලියන 4137 ක් වෙන් කරන ආණ්ඩුව 2011 දී ඒ සඳහා වෙන් කරන්නෙ රුපියල් මිලියන 2004 කි. 1977 දළ දේශිය නිශ්පාදිතයෙන් 6% ක් අධ්‍යාපනයට වෙන් කළ ආණ්ඩු පසුගිය මේ වන විට 2% සීමවට පැමිණ ඇත. එයින්ද නොනැවතී දේශපේ‍්‍රමී ප‍්‍රගතිශීලී ආණ්ඩුවේ අධ්‍යාපන බලධාරීන් අධ්‍යාපනය ලාභ ලබන ක්ෂේත‍්‍රයක් බවට පත් කළ යුතුයයි ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීමටත් පටන් ගෙන ඇත. ඒ ආණ්ඩුෙවිත් අධ්‍යාපන බලධාරීන්ගේත්  දරු සෙනෙහසේ තරමයි.
අධ්‍යාපනය යන උතුම්ම දායාදය තම දරුවාට ලබා දීම වෙනුවෙන්. ආණ්ඩුවෙන් ලබා දෙන මුදල් අඩු කළාට දෙමාපියන්ට තම දරුවන්ගේ අධ්‍යාපනයට වෙන් කරන මුදල් අඩු කළ නොහැක. අද වන විට නිදහස් අධ්‍යාපනය ලබා දෙනවා යැයි කියමින් ආණ්ඩුවට බදු ගෙවන මෙරට දෙමාපියන්ට නැවත වටයකින් දරුන්ගේ අධ්‍යාපනට මුදල් වියදම් කිරීමට සිදු වී ඇත. පාසලේ තීන්ත ගාන්න ඩෙස් පුටු හදන්න සමහර පාසල් වල විදුලි බිල ගෙවන්න වතුර බිල ගෙවන්න වැසිකිලි කැසිකිලි සුද්ද කරන්න ආදී සෑම දේකටම අද මුදල් ගෙවන්නේ දෙමාපියන්ය. නමුත් අධ්‍යාපන බලධාරීන්ගේ අදහස මීට වෙනස්ය. ඔවුන්ට අනූව මෙය නොමිලේ (පිනට)  ලබා දෙන අධ්‍යාපනයකි. ඒ නිසා අධ්‍යාපනයට පහසුකම් දෙන්න කියා සිසුන් පාරට බසින විට ඔවුන්ට එංගලන්තයෙන් ගෙනා බැටන් පොලූ වලින් පහර දීමට අප‍්‍රමාණ දරු සෙනෙහසක් ඇති ආණ්ඩුව පසුබට නොවේ. මක්නිසාද යත් ඔවුන්ට අනූව පිනට ලබා දෙන මේ අධ්‍යාපනයට තවත් ප‍්‍රතිපාදන ඉල්ලා සිටීම මහා පාපයකි. දරුවන්ගැන හිතන ආණ්ඩුවට මේ මුදල්  ඉතිරි කර ගත යුතුව ඇත. ඒ ඇමතිවරුන්ට සැප වාහන ගෙන්වාගැනීමට  හෙජින් නිසා සිදුවූ රුපියලි කෝටි 5000ක් ගෙවීමට තෙල් වලට ජලය කලවන් වී සිදුවූ පාඩුව පියවීමට ඉන්දියාවටත් විදුලිය දෙනවා යැයි කියමින් ආරම්භ කළ විදුලි බලාගාර නඩත්තු කිරීමට මිහින් එයාර් නිසා සිදු වු පාඩුව පියවීමට වරායවල් පතුලේ ගල් කැඞීමට ඉන්දියානු නළු නිළියන් ගෙන්වා සම්මාන උළෙලවල් පැවැත්වීමට බයික් ත‍්‍රීවිල් ලොරි වලට සාමාන්‍ය මිනිස්සුන්ට යන්න බැරි අධිවේගී මාර්ග තැනීමට මෙම මුදල් ඉතිරි කළ යුතුය.
මේ අතර දෙමාපියන් විශ්වාස කරන්නේ තමන් විඳි දුක් තම දරුවන්ට විඳීමට සිදු නොවීමට නම් දරුවාට හොඳට උගන්වා ලොකු මහත්තයෙක් නෝනකෙනෙක් කරන්න  ඕන කියාය.ඒ දරු සෙනෙහසයි. එයට සීමා මායිම් නැත. අම්මලා තාත්තලා තමාගේ දරුවගේ අධ්‍යාපනය ගැන සිතන්නේ දරුව මේ ලොව එළිය දැකීමටත් පෙරය.දරුවට හොඳ පාසලක් සොයා ගැනීම සඳහා දෙමාපියන් තම පදිංචිය පවා වෙනස් කරගනී මේ සඳහා අපේ දෙමාපියන්ට හගුරන්කෙත පැත්තේ මෙන්  වීදුරු පොළොවක් සහිත මාලිගා නැත. ඇත්තේ කාගෙන් හරි මාසික කුලියට ගත් කුලී නිවාසය.දරුවට නගරාසන්න සුපිරි පාසලක අධ්‍යාපන අවස්ථාව සලසා දීම දෙමාපියන්ගේ අරමුණයි.සෞඛ්‍ය අමාත්‍යංශය දක්වන පරිදි ලංකාවේ වැඩිම සිසේරියන් සැත්කම් ප‍්‍රමාණයක් කරන්නේ ජනවාරි පෙබරවාරි මාස වලය.හේතුව කළින් සඳහන් කළ තම දරුවා කළින් පාසලට ඇතුලත් කර ගැනීමේ උවමනාවයි.දරුවට හය හතර යන්තම් තේරෙන වයසේ සිට පෞද්ගලික උපකාරක පන්තිගානෙ බඩගාන්නෙ දරුවට උගන්නගන්නය.මැති ඇමති වරුන්ට මෙන් පොඩි එකාට කෝටි ගනනින් පොකට් මනී දීමට අපේ දෙමාපියන්ට මුදල් නැත.පාසල් වෑන් රථයට මාසික ගාස්තු ගෙවන්නේ ඊලග පඩි පත බලාපොරොත්තුවෙන් ගත් ණයකිනි.අපේ අම්මලාට තාත්තලාට උදේ පාන්දර ශරීර සුවතා සඳහා ගෝල්ෆේස් එකේ ඇවිදීමට හො අවිව තැපීමට වෙලාව නැත.පොඩි එකා පාසල ඇරී එන තුරු පාසල් අයිනේ උපකාරක පන්තිය ඇරී එන තුරු උපකාරක පංතිය අයිනේ අමිමලා බලා ඉන්නේ අව්ව තැපීමට නොවේ දරුවා ආරක්ෂා සහිතව ගෙදර ගෙන යෑමටය.ගෙදර ගිය ගමන් දරුවාගේ මොලේ වැඞීමට කියා හෝ සමබර පෝෂණයක් ලබා දීමට කියා හෝ රූපවාහිනී දැන්වීම්වල සඳහන් දේ ලබා දීමට අපේ දෙමාපියන්ට වත්කමක් නැත. අමාරුවෙන් තම්බගත්ත මොණවා හරි කාලා යන්තම් කුස පුරෝගෙන ඊලගට සූදානම් වන්නේ දරුවට පාසලේ දුන්න ගෙදර වැඩ වලට අවශ්‍ය දේවල් සම්පාදනය කර දෙන්නටය.පොඩි එකා අම්මෙ අරක  ඕනේ මේක  ඕනේ කියලා කන්කෙඳිරි ගානකොට දස අතේ දරුවගේ පාසල් ගෙදර වැඩ කිරීමට දුව ඇවිදින්නේ අම්මලාය. තාත්තලාට වැඩ ඇරී ගෙදර ආ ගමන්ම අතට ලැබෙන්නේ බත් පත නොව දරුවට පාසලේ දී ගෙන එන්නට කියූ දේවල් අඩංගු ලිස්ට්එකය.තාත්තා මුලූ රැම කල්පනා කරන්නේ මේවාට අවශ්‍ය මුදල් සොයා ගන්නේ කෙසේද යන උභතෝකෝටිකයයි.ජීවන වියදම අධික ලෙස ඉහළ ගොස් තිබෙන නිසා තමන් එදිනනෙදා හරි හම්බ කරන ආදායමෙන් 70% කට වැඩි ප‍්‍රමාණයක් අද වියදම් කිරීමට සිදුවී තිබෙන්නේ ආහාර පාන සපයාගැනීම සඳහාය.දරුවගෙ අධ්‍යාපනයට වියදම් කිරීමට ඉතිරි වන්නේ සොච්චමකි.ඒ නිසා බොහෝ විට දෙමාපියන් කරන්නේ නොකා නොබී හරි තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් ඉතිරි කර ගැනීමය. සැබැවින්ම මෙරට දරුවන් මෙවැනි දෙමාපියන් ලැබීම පිළිබඳ ආඩම්බර විය යුතුය. නොමැතිව ආඩම්බරකාර ආණ්ඩු ලබා දෙනවා යැයි කියූ පෝෂණ මලූ ලැබෙනතුරු සිටින්නට සිදුවූවානම් මෙරට දරුන්ට මේ වන විට සිදු වී ඇති දේ සිතා ගැනීමටවත් නොහැක.
බෙදුම්වාදී යුද්ධය අවසන් වී ඇතත් අපේ රටේ නිවෙස්වල තම දරුවන්ට උගන්නගැනීම වෙනුවෙන් දෙමාපියන්ට කරන්නට සිදු වී ඇති මේ යුද්ධය තවම අවසන් වී නැත. අවසන් වන සේයාවකුදු පෙනෙන්නට ද නැත.කෙසේ නමුත් දෙමාපියන් මේ යුද්ධයෙන් පරාජය වීමට කැමති නැත. ඒ තමන්ට ඒ සඳහා ඇති ශක්තිය ධෛර්්‍යය නිසා නොව තමන් මේ සටන අතහැරියහෝත් පරදින්නේ තම දරුවන් නිසාය. මේ දෙමාපියන්ගේ දරු සෙනෙහසයි. මේ සටනේ එක අදියරකින් පසු මෙය ඉදිරියට ගෙන යෑමේ වගකීම දරුවන් වෙත මාරු වේ. ඉතා අමාරුවෙන් දෙමාපිය රුකවරණය යටතේ අධ්‍යාපනය ලබන දරුවා අ.පො.ස.උ/පෙළ සමත් වී විශ්වවිද්‍යාලයට පිවිසුනු පසු තවදුරටත් දෙමාපියන්ට දරුවාගේ අධ්‍යාපනය සම්බන්දයෙන් මැදිහත් වීමට ඇති ඉඩ කඩ අඩු වේ.බොහෝ විට දරුවන් විශ්වවිද්‍යාල ප‍්‍රවේශ ලබන වයස වන විට දෙමාපියන් විශ‍්‍රාම වයසට පත්වී ඇත. ඒ නිසා ඒ දෙමාපියන් රුක බලා ගැනීමේ වගකීමද දෙමාපියන් පමණක් නොව අනෙක් සහෝදර සහෝදරියන්ගේ රුකවරණය සලසා දීමේ වගකීම පැවරෙන්නේ සරසවියට ඇතුල් වන දුවට පුතාටය.
මෙවැනි බරපතල වගකීම් සහිතව සරසවියට පිවිසෙන දරුවන්ට  සිය වගකීම් පිළිබඳ අමුතුවෙන් දේශනා පැවැත්විය යුතු නැත.ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වැය කළේ තමන්ගේ ආදරණීය දෙමාපියන් වගේම දුක් විඳින මේ රටේ බදු ගෙවන ගොවි කම්කරු අම්ම තාත්ත බව ඔවුන් අත්දැකීමේන්ම දනී.
එලෙසම එම ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් ගැනද ඔවුන් හොඳහැටි දනී.ඒ සමග ඔවුන් මේ යුතුකම විනය ගැන ඔවුන්ට කියාදීමට එන බලධාරීන් සිය පාසල් දිවිය පුරාවටම තම අධ්‍යාපනයට කළ හදියත් ඔවුන් හොඳින්ම දනී.පෙළ පොතේ සිට විභාග ප‍්‍රශ්න පත‍්‍රය දක්වා සියල්ල වරද්දමින් ගමේ පාසල වසා දමමින් සිය අධ්‍යාපන අවස්ථා උදුරා ගැනීමට උත්සහ ගත් සැටිත් ඔවුන් හොඳින් දනී.ඒ නිසා මේ ලබා ගත් උසස් අධ්‍යාපන අවස්ථාව යනු හුදෙක්ම සිය දෙමපියන් ඇතුලූ මේ රටේ සියලූ බදු ගෙවන ජනතාවගේත් ගුරු මෑණිවරුන් හා පියවරුන්ගේත් කැපකිරීම්වල ප‍්‍රතිඵලයක් බව  මේ සිසුන් හොඳින්ම දනී.සිය සරසවි අධ්‍යාපනය අතරතුර මතු පරම්පරාව වෙනුවෙනුත් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීම සඳහාත් ඉඩක් ඔවුන්ගේ විශ්වවිද්‍යාල ජීවිතය තුළ ලබා දෙන්නේ ඒ නිසාය.
එය දේශපාලනයකි. පැහැදිළිවම එය දේශපාලනයකි. එය පංති දේශපාලනයයි. එය ශිෂ්‍ය දේශපාලනයයි. ඒ සඳහා ඔවුන්ට සුජාත අයිතියක් ඇත.ඒ අයිතිය තමන්ගේ තාත්තා හෝ පරම්පරාවේ කවුරුන් හෝ දේශපාලන පක්ෂයක මන්ත‍්‍රී හෝ මෙරට ජනාධිපති වීම නිසා හො ලැබෙන දේශපාලන උරුමයකට වඩා සුජාතය.එය වෙනුර නිෂ්මි බාලේ වැනි පරමාදර්ශි ශිෂ්‍ය පරම්පරාවකින් ලද උරුමයයි. නායකත්ව පුහුණු එකක් නොව සිය දහසක් කළත් මේ උරුමය මෙරට ශිෂ්‍යන් කෙරෙන් උදුරා ගැනීමට කිසිවෙකුට නොහැකි වනු ඇත.
පසුගියදා රුහුණ සරසවියට ලියාපදිංචිය සඳහා පැමිණි සිසුන්ට එහි උපකුපති තුමා විසින් අපූරු උපදෙස් අඩංගු ලිපියක් ලබා දී තිබුණි.මෙහි දී එතුමා සිසුන්ට කරුණු කීපයකින් වලකින ලෙස අවවාද කර තිබුණි.අප මෙතෙක් කල් මෙවැනි අදහස් මත දැක්වීම් දුටුවේ වත්මන් උසස් අධ්‍යාපන ඇමති තුමා ප‍්‍රමුඛ ආණ්ඩුවේ අධ්‍යාපන බලධාරීන්ගෙන්ය. එය සංසන්දනය කිරිමේ අයිතිය අපි මෙය කියවන පාඨකයන්ට ලබා දෙමු.
එම ලිපියෙහි මෙසේ සඳහන් විය.
ඔබ
  • අධ්‍යාපනය අතපසු කර ගනිමින් විවිධ දේශපාලන කණ්ඩායම්වල රූකඩයක් වනු දැකීමට
  • පංති වර්ජනය කරමින් දේශන ප‍්‍රයෝගික පන්ති අතපසු කර ගනිමින් හිස් මිනිසෙකු වනු දැකීමට
  • පොලූ මුගුරු අරගෙන සහෝදර සිසුන් පසුපස හඹා යන මැරයකු වනු දැකීමට 
මෙරට ජනතාව සූදානමි නැත.
යන්නයි. උපදේශයන් ඉතා හොඳය. සැබැවින්ම සරසවි සිසුන් ඉහත උපදේශයන් අනුගමනය කළ යුතුය.
ඒ සමගම අධ්‍යාපන බලධාරීන්ගේ පැත්තෙන්ද අප මෙවැනි ගුණාංග බලාපොරොත්තු වෙමු.

  • පසුගිය ජනාධිපතිවරණ සමයේදී සමහර උපකුලපතිවරු ප‍්‍රසිද්ධියේ දේශපාලන අදහස් දැක්වීමි සිදු කළා අපට මතකය.ඒවා විවිධ දේශපාලන කණ්ඩායම් වල රූකඩයන් බවට උපකුලපතිවරුන් පත් වීමක් නොවේද? අධ්‍යාපනය අතපසු කර ගනිමින් විවිධ දේශපාල කණ්ඩායම් වල රූකඩයන් වීම සිසුන්ගෙන් වගේම විශ්වවිද්‍යාල පරිපාලන කටයුතු අතපසු කර ගනිමින් විවිධ දේශපාලන කණ්ඩායම්වල රූකඩයක් වීම උපකුලපතිවරුන්ගෙන්ද මෙරට ජනතාව බලාපොරොත්තු නොවේ.
  • සරසවි ආචාර්යවරුන්ගේ වැටුප් අරගලය කටුනායක කම්කරුවන්ගේ විශ‍්‍රාම වැටුප් අරගලය මෑත ඉතිහාසයේ අපේ රටේ තම අයිතිවාසිකම් වෙනුවෙන් මිනිසුන් පාරට බට අවස්ථාය.මෙම ඉල්ලීම් දිනා ගත්තේ සටන් කිරීමෙන්ය.ඒවා අතිශය සාධාරණ බව අද රටේ කවුරුත් පාහේ පිළිගනී.විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝද වයෝවෘදත්වයට පත්වූ වැඩිහිටියන් වන බව ඔබ දන්නවා ඇත.ඔවුන්ට සමාජයේ අනෙක් මිනිසුන්ට හිමි සිවිල් අයිතිවාසිකම් හිමි නැතිද? ඒවගේම ඔබගේ තර්කට අනූව පසුගිය කාලයේ තම ඉල්ලීම් වෙනුවෙන් හඞ නැගු හා ඒ වෙනුවෙන් වෘත්තිය ක‍්‍රියාමාර්ග ගත් ආචාර්යවරුන් කටුනායක කම්කරුවන් හිස් මිනිසුන්ද?ජේෂ්ඨ මහාචාර්යවරයෙකු වන ඔබතුමා එම වෘත්තිය ක‍්‍රියාමාර්ගය නිසා වැඩිවූ වැටුප ලබා ගන්නවාද? නැද්ද?
  • පොලූ මුගුරු අරගෙන සහෝදර සිසුන් පසුපස හඹා යෑම ඉතා වැරදිය.ඒ වගේම සමහර විශ්වවිද්‍යාල වල උපකුලපතිවරුන් නිදොස් සිසුන් තමන්ට ඇති වූ සැකයක් නිසා කාර්එකේ දමාගෙන ගොස් පොලිසියට භාර දීම හරිද? සරසවියේ නිදහසේ කතා කරමින් ඉන්නා කෙල්ලන් කොල්ලන්ව කන්‍යාභාවය පරීක්ෂා කිරිමට රුගෙන යාම හරිද? සිසු ගැටුම් දඩමීමා කරගෙන පොලීසියට සිසුන්ට පහර දීමට ඉඩ හැරීම හරිද? භාහිර මැරයන් සරසවියට පැමිණ සිසුන්ට පහර දුන් අවස්ථාවලදී එම මැරයන් අල්ලා ගැනිමට හෝ එම සිසුන්ට සාධාරණයක් ඉටු කිරීමට පුළුවන් උනාද? අපවත් වෙච්ච හමුදුරුවො කෙනෙක් ගේ පන්ති තහනම් වුනේ කොහොමද?
මෙවැනි ප‍්‍රශ්න ගනනාවක් අපේ හදවතේ මතුවේ.අප මේවාට උත්තර සෙවීමේ වගකීමත් මේවා ගැන කල්පනාකර තේරුමිගැනීමේ වගකීමත් ආදරණීය දෙමාපියන්ටම භාර දෙමු.අපට කීමට ඇත්තේ එක දෙයකි.එනම් ආණ්ඩුවේ හා අධ්‍යාපන බලධාරීන්ගේ දරු සෙනෙහසත් දෙමාපියන්ගේ දරු සෙනෙහසත් අහසට පොළොව මෙන් දුරස් බවත්  ඒ නිසා ඒ මායාවට ආශ්චර්යට හසු නොවන ලෙසත් අප ආදරණීය දෙමාපියන්ගෙන් උදක්ම ඉල්ලා සිට්මු.මේ මොහොත යනු අධ්‍යාපනය වෙනුවෙන් සිසුන් පමණක් නොව ගුරුවරු ආචාර්යවරුන්ද පෙළගැසී ඇති මොහොතකි.එම නිසා ආණ්ඩුව බොහෝ සේ කලබල වී ඇත.මේ මොහොතේ අපට අතීත කියමනක් මතක් වේ.එනම්,

කෝප උවත් රජ මැතිඳූන් ගත නොහෙනා - උගතමනා ශිල්පයමයි මතු රුකෙනා

යන්නනයි එසේ හෙයින් කොතරම් රජ මැතිවරුන් කෝප උවත් මෙරට සිසුන්ගේ අධ්‍යාත්මය සොරකම් කරගත නොහැකි වනු ඇත.එය සැමදාම වෙනුරලා නිෂ්මිලා ගිය පාරේ යනු ඇත.ඔවුන් සැමදාමත් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් වදිනු ඇත.