නේවාසිකාගාර බද්ධ රු 4800.00 යී.
නේවාසිකාගාර නොමැති කම නිසා රුහුණ සරසවි සිසුන් පෞද්ගලික කුලි නවාතැන්වල දුක්විදිති. තමන් නොයෙකුත් අපහසුතා මධ්‍යයේ අඩු මුදලට පෞද්ගලික නවාතැන්වල කාලය ගත කිරීම නිසා දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙනබව සිසුවියන් බොහෝ දෙනෙකු පවසන කරුණකි.
යම් අපහසුතාවයන් පෞද්ගලිකත්වය නිසාම හෙළි නොකර සිටින අවස්ථාවන් ද ඇත.නේවාසිකාගාර නොමැතිකම නිසා දහසකුත් පීඩාවන්ට සිසුන් මුහුණ දී සිටිය දී වසර දෙකකට පමණක් නේවාසිකිගාර ලබාදීමේ ප‍්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමට පාලකයන් තිරණයකර ඇත.

මේ තත්ත්වයත් සමගම වසර දෙකක් පමණක් නේවාසිකාගාර ලබා දෙමින් ඉතිරි කාලය සඳහා නේවාසිකාගාර සිසුන්ටම කුලියට දෙමින් මුදල් එකතුකරන තත්ත්වයකට අද සරසවි පාලකයන් පත්කර ඇත.ඒ අනුව නේවාසිකාගාර ලියාපදිංචි ගාස්තුව රු 4800 දක්වා වැ කර ඇත.මහපොල හෝ ශිෂ්‍යාධාර මුදල් පසුගිය වසර ගණනාවක් තිසිසේ ඉහළ දමා නොමැත.නමුත් බත් පතේ සිට බස්ගාස්තුව දක්වා ඉහළ ගොස් ඇති කාලයක සිසුන් නැවත වටයකින් පීඩාවට පත්කර ඇති බව සිසුන්ගෙ මතයයි.
මහපොළ හා ශිෂ්‍යාධාර ඉහළ දමන බවට මහින්ද චින්තනයතුළ පොරොන්දු වුවත් ආණ්ඩුව එය අමතකකර අධ්‍යාපනය විකිණීමට පටන්ගෙන ඇත.සරසවිවලට වෙන්කරන මුදල් කප්පාදුවෙ ආසන්නතම ප‍්‍රතිඵලය මෙය වන අතර ඉදිරියේදී ද තම අයිතිවාසිකම් මුදලට විකිණිමට පාලකයන් කටයුතු කරනු ඇති බව සිසුන් කියා සිටී.එම නිසා අධ්‍යාපනය විකුණන බංකොලොත් ආණ්ඩුවට එරෙහිව දැඩිව පෙළ ගැසෙනබව කියා සිටී.