මේ වන විට 40000 කට අධික රැකියා විරහිත උපාධිධාරීන් ප‍්‍රමාණයක් රැකියා විරහිතව පීඩා විඳිනවා.

ආණ්ඩුව උපාධිධාරීන්ට රැකියා ලබාදෙන බව පවසා සම්මුඛ පරීක්ෂණ සහ තරඟ විභාග වලට යොමුකර ඔවුන්ගෙන් මුදල් ගසාකන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු දිනිදු සමන් හෙන්නායක සොයුරා ප්‍රකාශ කළේය.ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12)කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ දිනිදු සහෝදරයා,
ජනාධිපතිතුමා සිය පලමු ධූර කාලයට පත්වන විට ඉදිරිපත් කළ මහින්ද චින්තන 01 වැඩ සටහනේ තරුණ අරුණ වැඩපිළිවෙල යටතේ එවකට රැකියා විරහිතව පීඩා විඳි උපාධිධාරීන් දස දහසකට කඩිනමින් රැකියා ලබා දෙන බවටත් වසරින් වසර විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධිධාරීන් රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු කඩිනමින් බඳවා ගන්නා බවට පොරොන්දු වුණා.නමුත් එතුමාගේ දෙවන ධූරකාලය වන විට රැකියා විරහිත උපාධිදාරීන් අඩුවනවා වෙනුවට රටේ රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව 40000 දක්වා වර්ධනය වී තිබුණ ද එතැන් පටන් මැතිවරණ අයවැය වලදී උපාධිධාරීන්ට රැකියා දීම තම ප‍්‍රධාන සටන් පාඨය බවට පත්කරගත් ආණ්ඩුව ඒ වෙනුවෙන් උපාධිධාරීන් තම මැතිවරණ කටයුතු වල යොදාගත්තා මිස අද වන තුරු උපාධිධාරීන්ට රැකියා ලබා දී නැ.2007 වර්ෂයේ ලබාදුන් ගුරු පත්වීම්ද දේශපාලන හිතවත්කම් මත පමණක් ලබා දීපු දේවල්,ගුරු විභාගයට පෙනී සිට සමත් වූ බහුතරයකට ඉන් අසාධාරණයක් සිදු වෙලා තිබෙනවා.2009 වර්ෂයේ අප සංගමය විසින සිදු කළ බලපෑමේ ප‍්‍රථිපලයක් ලෙස සෞන්දර්ය උපාධිධාරීන් 3174,කට පත්වීම් දුන්නද එවා දී තිබෙන්නේ ද,ගුරු හිගයක් නොමැති පාසල් වලට පත්වීම් ලබාදීම,කථා කිරීමට නොහැකි උපාධිධාරියෙකුට සංගීත ගුරු පත්වීම් ලබාදීම,ආදී විශාල අවුල් ප‍්‍රමාණයක් සහතිවයි.මෙ රට අධ්‍යාපනයේ හිණි පෙත්තටම නැගි උපාධිදාරින්ට සිදු වී ඇති මෙම අසාධාරණය හා ඔවුන්ගේ හා ඔවුන්ගේ පවුල්වල මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළා.
දිගින් දිගටම උපාධිදාරීන් හා ඔවුන්ගේ පවුල් රවටමින් ආණ්ඩුව සිදු කර මෙම අමන ක‍්‍රියාකලාපය නතර කරන ලෙසටත් පොරොන්දු වූ පරිදි සියළු උපාධිදාරීන්ට වහා රැකියා ලබා නොදෙන්නේ නම් දිස්ත‍්‍රික් මට්ටමින් හා ජාතික තලයේ දැවැන්ත උද්ඝෝෂණ ක්‍රියාමාර්ග ගැනීමට තම සංගමය තීරණය කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.