පිස්සු වඳුරෙකු නිසා දුක් විඳින රුහුණ සරසවි සිසුන්..
පසුගිය මාස කිහිපයකට පෙර රුහුණ සරසවියට කඩාවැදුන වදුරකු මේ වන විටත් සරසවිය තුළ සිටීම නිසා සිසු ජීවිතවලට විශාල තර්ජනයක් එල්ලවී ඇති බව අවස්ථා කිහිපයකදීම සරසවි පාලනාධිකාරිය දැනුවතකර ඇත.
සරසවි කාන්තා නේවාසිකාගාර තුළට ඇතුල්වී එහි ඇති ගෘහ භාණ්ඩ විනාශකර ඇති අතර සිසුවියකගෙ ලැප්ටොප් පරිගණකයකට ද හානි කර ඇති අතර,රූපවාහිනි යන්ත‍්‍රය සම්පුර්ණයෙන්ම විනාශකර ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වු කාන්තා නේවාසිකාගාරවල සිසුවියන් ප‍්‍රකාශකර සිටියේ,සිසුවියන් පිටුපස මෙම පිස්සු වඳුරා හඹායාම නිසා ඇද වැටීම නිසා එක් සිසුවියකගේ හිසට හානිවු බවයි.
මෙම වඳුරා සරසවියට පැමිණෙන වාහනවලට ද සරසවිය තුළ ඇති භෙෘතික සම්පත්වලට ද හානිකර ඇත.