සුසන්ත අපෙන් උදුරාගෙන දින 365 යි. සුසන්තට යුක්තිය ඉටුකරමු.
යුක්තිය,අද සමාජයේ විවිධ වු සමාජීය කොට්ටාසයන් ඉල්ලා සිටින්නේ යුක්තියයි. මිනිසුන් හමුවේ ඇති දැවෙන ප්‍රශ්න හමුවේ, විටක මිනිසුන් යුක්තිය යදී. විටක යුක්තිය ඉල්ලා හඞනගයි. විටක යුක්තිය උදෙසා සටන්කරයි.කෙසේ හෝ මිනිසුන් යුක්තිය ඉටුකර ගනු වස් පෙළගැසී සිටි.
සරසවි ආචාර්යවරු, අනධ්‍යයන සේවකයන් හා සිසුන් මෙන්ම කම්කරුවන් ගොවීන් ආදී රටේ වැඩකරන පන්තිය යුක්තිය ඉටුකර ගැනීමට සටන්වැද සිටී. වර්තමානයේ රටපුරා බහුතරයක් මිනිසුන්ගෙ මුවින්පිට වෙන්නෙ අසාධාරණයට එරෙහි හඞයි. අධ්‍යාපනයට එල්ලවී ඇති අභියෝග හමුවේ මෙන්ම රටේ ජනතාවට මුහුණ දීමට සිදුව ඇති සමාජීය ගැටලූ හමුවේ සරසවි සිසුන් ලෙස අප සටන් කරන්නෙමු.
මෙසෙ පුර්ව සටහනක් තැබුවේ රට හමුවේ ඇති කුරිරු මර්ධනයේ හස්තය හමුවේ සටන් කළ, සුසන්ත අරුණ බණ්ඩාර සහෝදරයා අපෙන් උදුරාගෙන 2011-07-23 දිනට දින 365ක් ගතවීම නිමිත්තෙනි.
සුසන්ත මියගොස් වසරක ගතවන මෙම මොහොතෙ පවා අප එදා වගේම අදත් සුසන්තට යුක්තිය ඉටුකිරීමට සටන් කරන්නෙමු. ඒ සටන සුසන්තට යුක්තිය ඉටුවනතුරු සිදුවන බව නොඅනුමානය. අප සුසන්ත වෙනුවෙන් ඉල්ලා සිටින්නෙ අන්කිසිවක් නොව යුක්තිය පමණි.
2010-06-16 දින රාති‍්‍ර රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගම් කාර්යාලය අසල දී සිසුන් කිහිප දෙනෙකුට මැරයන් විසින් පහරදෙන ලදි එහි දී සිසුන්ට පිහි ඇනුම්වලට පවා ලක්වන්නටවිය. මෙය සිදුවීම් පෙළක එක් සිදුවීමක් පමණි, මින්පෙර ද ඉන්පසු ද සිසුන්ට මෙන්ම ආචාර්යවරුන්ට ද මැරයන්ගෙ පහරදීම්වලට ලක් වන්නට සිදුවිය. මේ සියල්ල හරහා ගම්‍ය වූ සිසු ජීවිතවලට ඇති තර්ජනයත්, සරසවි පරිශ්‍රයෙන් බාහිරව ඇති නේවාසිකාගාරවලට යන සිසුන්ගෙ හා කුලී නවාතැන්වලට යනෙන සිසුන්ගෙ ආරක්ෂාවත් සම්බන්ධයෙන් සරසවි පාලනාධිකාරයට ඇති වගකීමත්, මතක්කර දීමට අවශ්‍යවිය. ඒ සඳහා සරසවි සිසුන් එකාවන්ව එක්රොක්විය. එහිදි අප සරසවි පාලනාධිකාරියෙන් ඉල්ලා සිටියේ එක් දෙයක් පමණි, ඒ සිසුන්ගේ ආරක්ෂාව සහතික කරන පරිදි සරසවි පරිශ්‍රය තුළ සියලූ සිසුන්ට නේවාසිකාගාර ඉදිකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
පාලකයන්ගෙ උවමනාවට සිසුන්ගේ සාධාරණ අරගලයට පිළිතුරු ලැබුනේ කාටත් කීකරු නොවන පොලිස් බැටන් පොල්ලෙන්ය. සුසන්තටත් පොලිස් බැටන් ප්‍රහාරය එල්ල වූ බව ඔහුගේම ප්‍රකාශවල ඇති කවුරුත් දන්නා රහසකි.
සුසන්ත මිය යනනට පෙරත්, මියගිය පසුත් අප සුසන්තට යුක්තිය ඉල්ලා කළ අරගලවල ප්‍රතිඵලයක් ලෙසට සුසන්තට සාධාරණය ඉටුකළ යුතුය, යන්න මතයක් සමාජය තුළ දැඩිව ගොඩනැගෙන්නට විය. විටෙක එය ආණ්ඩුවට ප්‍රබල ලෙස දැනෙන්නටවිය. කර කියා ගන්නට දෙයක් නොමැති තැන ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරු ජවිපෙට මෙහි වගකීම පවරමින් සුපුරුදු පරිදි ජනතාවගෙන් ඇග බේරාගන්නට උත්සහ කරන්නට විය. පොලිසිය යැයි කියා ගන්නා පිරිස් යොදවා සිසුන්ගේ නිවෙස් වටකොට තර්ජනය ස්වරුපයෙන් සොයාබැලීම් කරන්නට විය. මේ කිසිවක් සාර්ථක නොවූ තැන, පොලිස්පතිතුමා ම කළ ප්‍රකාශ උඩුයටිකුරු කරමින් ආණ්ඩුවේ පිහිට ට පොලිසියෙන් බස්සෙක් කරළියට දක්වන්නට විය. එක සිසුවකුගේ ජීවිතය බිලිගෙන ඇති මොහොතක, තවත් සිසුවකු දං ගෙඩියට ගෙන යාමට ආණ්ඩුව ගත්තාවු නින්දිත උත්සහය පැරදවීමට පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සරසවි සිසුන් එකාවන්ව සටන් කළේය. සුසන්තගෙ පවුලේ සාමාජිකයන් හා සරසවි සිසුන් අතර වෛරයක් ගොඩ නගමින් බස්සකු පිටින් ගොඩයෑමට ආණ්ඩුව ගත්තාවූ නොසැහෙන උත්සහයන් පරාජය කිරීමට, ආණ්ඩුවේ කි‍්‍රයාමාර්ගවල දිග පලළ කලින්ම දැකීමට දේශපාලන බුද්ධිය ඇති ශිෂ්‍ය ව්‍යාපාරය එකාවන්ව සටන් කළේය.
වගකිවයුත්තන්ගෙ ප්‍රකාශ පරිදි නම් සරසවි සිසුන්ට 2010-06-18 දින පොලිස් බැටන් පොල්ලෙන් පහර දී නැත. පොලිසිය ඉතා ඕනෑකමින් සලකා ඇත. සුසන්තට බස්සකු පොල්ලෙන් ගසා ඇත. මෙවැනි ප්‍රකාශ දෙස දකින පොලිසියේ පහර දීම්වලට ඝෘජුවම ලක්වුවන් පොලිසියේ සැලකිල්ල කෙබඳු දැයි හොදාකාරවම දනි. සුසන්තම පොලිසියට කළ ප්‍රකාශවලින් ද, තම යහලූවන්ට කී කරුණුවලින් ද හෙළි වන්නෙ පොලිසියේ සෑබැ කි්රයාකාලාපයයි.
කවර තත්ත්වයක් හමුවේ වුවද සුසන්ත සහෝදරයා අපෙන් සමුගෙන වසරක් ගත වන මොහොතේ සටහන්කිරීමට යමක් ඇත.
ආදරණීය සුසන්ත සහෝදරය,
ඔබ සටන් කළේ රුහුණ සරසවි සිසුන්ට නේවාසිකාගාර ලබා දීමටය. කුලී ගෙවමින් නවාතැන්වල දහදුක්විදින දහස් ගණනන්වු ඔබේම සහෝදර සහෝදරියන්ට නේවාසිකාගාර ලබා දීමටය. එසේ සටන්කරද් දී ඔබ ට ජීවිතයෙන් සමුගන්නට වේ යැයි ඔබ නොසිතන්නට ඇත. නමුත් ඔබ සත්සුදත්සේ එක්දෙයක්නම් දැන සිටියේය. ඒ අන් කවරක්වත් නොව, සරසවි ජීවිතයට සමුදෙන්නට මාස කිහිපයක් වු සුළුකාලයක් ඇති ඔබට, ගොඩනගන නව නේවාසිකාගාරයේ නේවාසික පහසුකම් ලබා ගැනීමට නොහැකි බව නම් වු සත්‍යයයි. තමන් වෙනුවෙන් පමණක්, තමන්ගෙ බඩගොස්තරය වෙනුවෙන් පමණක් සටන්කරන්නට කියාදෙන සමාජයක තමන් වෙනුවෙන් නැතත් තවෙකෙකු වෙනුවෙන්, නුපන් පරපුරක ශිෂ්‍ය ප්රජාවකගේ නේවාසිකාගර අයිතිය වෙනුවෙන් ඔබ සටන් කළේය. ඔබ අපට අමරණීය වන්නේ ඒ නිසාවෙනි.
අප ඔබට යුක්තිය ඉටුකරන්නෙමු. ඒ සඳහා දිවිහිමියෙන් කැපවන්නෙමු.
සුසන්ත වැනි විශිෂ්ඨ මිනිසුන්ගෙ අවශ්‍යතාව පෙරට වඩා දැනෙන යුගයක අද අප ජීවත්වන්නෙමු. අපිට නොදැනි අපේ උපාධිය පවා විකුණන්නට සුදානම් ආධ්‍යාපන ඝාතකයන්ගෙ යුගයක අප ජීවත් වන්නෙමු.සුසන්ත වැනි සහෘදයන් ආරක්ෂාකර දුන් නේවාසිකාගාරවලින් පවා කුලී අයකරන්නට පාලකයන් සුදානම් මොහොතක අප ජීවත්වන්නෙමු. ආදරණීය සුසන්ත සොයුර ඔබේ අඩුව අපට දැඩිව දැනේ. ඔබ වෙනුවෙන් අඞන්නට නොව ඔබ පැතු ලොව ගොඩනගන්නට අපි කැපවන්නෙමු. අපට ඔබ වෙනුවෙන් කළහැකි ඉහළම යුතුකම වන්නනෙ එයයි.
අපි ඔබ වෙනුවෙන් යුතුකම් ඉටුකරන්නෙමු.නිදහස් අධ්‍යාපනය සුරකින්නෙමු.ඔබ පැතු ලොව ගොඩනගන්නට පෙළ ගැසෙන්නෙමු.
සුසන්තට යුක්තිය ඉටුකරමු !