SAITM වීරෝධීන් කොළඹ වටලයි...

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය සංවිධානය කළ දැවැන්ත විරෝධතා පා ගමන 8 වන දින අති සාර්ථකව පවත්වන ලදී.
මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු...! අධ්‍යාපනය සදහා 6% වෙන්කරනු..! සරසවි බදවාගැනීම් ඉහලදමනු..! පාසල් තුල සිදුකරන මුදල් අයකිරීම නවතනු..! ඹෟෂධ මාෆියාවට එරෙහි වෙමු..! රජයේ රෝහල් තුල ඹෟෂධ, රසායනාගාර, වාට්ටු පහසුකම් පුළුල් කරනු..! IESL, කොතලාවල ඇතුළු උපදී කඩ එපා..! ජනතා මුදලින් ඉදිකළ NSMB ආයතන තුල අධ්‍යාපනය විකිණීම නවතනු..! නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් දිනාගැනීමට පෙලගැසෙමු..! යන සටන් පාඨ මුල් කරගනිමින් සයිටම් විරෝධී සිසු ජන වියාපාරය ලෙස දේශපාලන පක්ෂ, දෙමවූපියන්, සිවිල් සංවිධාන, කලාකරුවන්, කොළඹ නගරයේ ස්ථාන හතරකින් අරඹ කල දැවැන්ත පාගමන කොළඹ කොටුව දක්වා පාගමනින් පැමිණ අවසානයේ කොළඹ කොටුව ඉදිරිපිට විරෝධතා රැළියක් පැවැත්විය. එම අවස්ථාව සදහා දිවයිනේ සියලු විශ්වවිද්‍යාල හා අධ්‍යාපන ආයතන වල විශාල සිසුන් ප්‍රමාණයක් සම්බන්ද විය.







No comments:

Post a Comment