වෛද්‍ය සභාවෙන් කාලෝ ඉවත් කිරිමේ කුමන්ත‍්‍රණයක්, ඒ වෙනුවට ඇමතිගේ හෙන්චයියෙක්.

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඉවත් කිරීමේ කුමන්ත‍්‍රනයක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව මේ වන විට හෙළි වී ඇත.
තවද ඒ වෙනුවට සෞඛ්‍ය අැමතිවරගේ හිතවතෙකු වන  විශ‍්‍රාමික මහාචාර්ය වරයෙකු වන කොල්වින් ගුණරත්න මහතා පත් කිරීමේ සූදානමක් ද  පවතී.
කොල්වින් ගුණරත්න මහතා දැනට වෛද්‍ය සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර ඔහු වෛද්‍ය සභාව නියෝජනය කරන්නේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගේ නියෝජිතයා වශයෙනි.
මහාචාර්ය කොල්වින් ගුණරත්න සයිටම් ආයතනයට දැඩි පක්ෂපාති බවක් දක්වන පුද්ගලයෙකි. ඔහු පසුගිය මහමැතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ ගේ නිර්දේශය මත එක්සත් ජනතා නිදහස් සංධානයෙන් ජාතික ලැයිස්තුවට නම් කල අයෙකි. දැනට රජයේ සේවයෙන් විශ‍්‍ර‍්‍රාම ගොස් සිටින කොල්වින් ගුණරත්න මහතා ප්ද්ගලික ඖෂධ  නිශ්පාදන සමාගමකින් වැටුප් ලබන්නෙකි.
දැනට සයිටම් ආයතනයට එරෙහිව කරුණු දක්වන පාර්ශව අතරින් රජය පාර්ශවය නියෝජනය කරමින් සිටින්නේ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව පමණි.

No comments:

Post a Comment