ශිෂ්‍ය කප්පාදුවට එරෙහිව විද්‍යාපීඨ සිසුන් පාරට...

රුහුණ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට බඳවා ගත හැකි සිසුන් ගණන 390ක් ව තිබිය දී පසුගිය වසර කිහිපය තුලම දිගින් දිගටම බඳවා ගැනීම් ප්‍රමාණය විශාල ලෙස අඩු වී ඇත.

2011 වසරේ දී සිසුන් 69 යකගේ කප්පාදුවක් ද,
2012 දී සිසුන් 139ක් ද,
2013 දී 112 ක්ද,
2014 දී 148 ක්ද,
2015 දී 103ක් ද යන ප්‍රමාණයක් ඉඩ පහසුකම් තිබිය දී බඳවා ගනීම් සිදුකර නොමැත.මෙම වසර මේ වන විට රුහුණ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පමණක් සිසුන් 255ක බඳවා ගෙන නොමැත.
මෙම ශිෂ්‍ය කප්පාදුව නවතා, බඳවා ගනීම් කඩිනම් කරන ලෙස බල කරමින් විද්‍යා පීඨ සිසුන් අද දින(2017.03.02) විරොධතා පා ගමනක් රුහුණ විශ්ව විද්‍යාලය ඉදිරි පිටදී සිදු කරන ලදී.